බලයේ සිටි දේශපාලනඥයෝ භාවිත කළ සුපිරි නිවාස

බලයේ සිටි දේශපාලනඥයෝ භාවිත කළ සුපිරි නිවාස

පසුගිය ආණ්ඩුවල හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් විසින් භාවිත කරන ලද, කොළඹ ප්‍රධාන පෙළේ ප්‍රදේශවල පිහිටි වටිනා නිල නිවාස රැසක් මේ වන විට නැවත රජය යටතට පවරාගෙන ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.


ඒ අනුව, කොළඹ 07 සහ 05 යන ප්‍රදේශවල පිහිටි බෞද්ධාලෝක මාවත, විජේරාම මාවත, ග්‍රෙගරි මාවත, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, ස්ටැන්මෝර් ක්‍රසන්ට්, ස්කෙල්ටන් පාර, මැකෙන්සි පාර සහ කැප්පෙටිපොළ මාවත යනාදි ඉහළ වටිනාකමකින් යුත් ස්ථානවල පිහිටි නිල නිවාස මෙලෙස රජයට පවරාගෙන ඇත.


නිවාස කිහිපයක් විශේෂ අධිකරණ පිහිටුවීමේ කටයුතු වෙනුවෙන්

මෙලෙස නැවත භාරගත් නිල නිවාස අතරින් කිහිපයක් මේ වන විටත් වෙනත් කටයුතු සඳහා යොදවා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි. ඒ යටතේ, හිටපු අමාත්‍ය සනත් නිශාන්ත භාවිත කළ බෞද්ධාලෝක මාවතේ අංක 76 දරණ නිවස, කෙහෙළිය රඹුක්වැල්ල භාවිත කළ අංක 108 දරණ නිවස, දිලුම් අමුණුගම භාවිත කළ ග්‍රෙගරි මාවතේ අංක 88 දරණ නිවස සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් භාවිත කළ ස්ටැන්මෝර් ක්‍රසන්ට් හි අංක 12 දරණ නිවස, විශේෂ අධිකරණ පිහිටුවීමේ කටයුතු සඳහා තාවකාලිකව අධිකරණ අමාත්‍යාංශය වෙත ලබා දී ඇත.

මීට අමතරව, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි අංක 89 දරණ නිවස අග්‍රාමාත්‍ය කාර්යාලයේ භාවිතය සඳහා වෙන් කර ඇති බව ද වාර්තා වේ. මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිත කළ විජේරාම මාවතේ අංක 106 දරණ නිවස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන භාවිත කළ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ අංක 79 දරණ නිවස ද නැවත රජයට භාර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වැඩිදුරටත් තහවුරු කළේය.

මතු පළ වන්නේ හිටපු ජනතා නියෝජිතයින් භාවිත කළ නිවාස ලිපින යි.

1. බෞද්ධාලෝක මාවත, කොළඹ 07


නිවාස අංක 04: නිමල් සිරිපාල ද සිල්වා
නිවාස අංක 76: සනත් නිශාන්ත


2. විජේරාම මාවත, කොළඹ 07

නිවාස අංක 110/2: මනුෂ නානායක්කාර
නිවාස අංක 110/3: ලසන්ත අලගියවන්න
නිවාස අංක 110/4: ජානක වක්කුඹුර
නිවාස අංක 110/5: ශාන්ත බණ්ඩාර
නිවාස අංක 110/6: ඩී.බී. හේරත්
නිවාස අංක 110/7: ඩී.වී. චානක දිනුෂාන්
නිවාස අංක 110/8: අරුන්දික ප්‍රනාන්දු
නිවාස අංක 110/9: මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
නිවාස අංක 106: මහින්ද රාජපක්ෂ


3. ග්‍රෙගරි මාවත, කොළඹ 07

නිවාස අංක 88: දිලුම් අමුණුගම


4. හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ 07

නිවාස අංක 78: අජිත් රාජපක්ෂ
නිවාස අංක 80: අසෝක ප්‍රියන්ත
නිවාස අංක 85: සිසිර ජයකොඩි
නිවාස අංක 88: අරවින්ද කුමාර්
නිවාස අංක 89: අග්‍රාමාත්‍ය කාර්යාලය
නිවාස අංක 90: ජගත් පුෂ්පකුමාර
නිවාස අංක 79: මෛත්‍රීපාල සිරිසේන


5. ස්ටැන්මෝර් ක්‍රසන්ට්, කොළඹ 05

නිවාස අංක 12: ආර්. සම්බන්ධන්
නිවාස අංක 13: රමේෂ් පතිරණ
නිවාස අංක 20: ගෝඨාභය රාජපක්ෂ
නිවාස අංක 63: මහින්ද අමරවීර


6. ස්කෙල්ටන් පාර, කොළඹ 05

නිවාස අංක 01: දුමින්ද දිසානායක


7. මැකෙන්සි පාර, කොළඹ 05

නිවාස අංක 37: හරින් ප්‍රනාන්දු
නිවාස අංක 38: ජොන්ස්ටන් ප්‍රනාන්දු


8. කැප්පෙටිපොළ මාවත, කොළඹ 05

නිවාස අංක 39: කංචන විජේසේකර
නිවාස අංක 40: ගාමිණී ලොකුගේ
නිවාස අංක 42: සී.බී. රත්නායක
නිවාස අංක 44: ෂෙහාන් සේමසිංහ
නිවාස අංක 49: අලි සබ්රි
නිවාස අංක 50: තේනුක විදානගමගේ
මීට අමතරව,

නිවාස අංක 02: ඉන්දික අනුරුද්ධ
නිවාස අංක 108: කෙහෙළිය රඹුක්වැල්ල


(උපුටා ගත්තේ Kumarage Ranjith Premathilake Face book  පිටුවෙන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න