ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 33වන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම මස 08වන දින සවස 2.00ට කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
එදින මෙම වැඩසටහනේ මුලසුන හොබවනු ලබන්නේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් රාජමහා විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි විසිනි.
ජපානයේ අගොන්ශු නිකායේ නිර්මාතෘ සෙයියු කිරියාමා මහානායක හිමියන්

ජපානයේ අගොන්ශු නිකායේ නිර්මාතෘ සෙයියු කිරියාමා මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1994 ජනවාරි මස 12 වෙනි දින ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම ආරම්භ කළ අතර එදා මෙදා තුර ශිෂ්‍යත්ව 20216ක් පිරිනමා ඇත. මෙවර 680 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ශ්‍රී ලංකා අගොන්ශු පදනමේ අධ්‍යක් ජනරාල් සෝමසිරි අද්දර පතිරණගේ ප්‍රකාශ කළේ ය.
ජපානයේ අගොන්ශු විහාරවාසී කනසාවා ශෝසෝ හිමි, තනකා හිරෝෂි හිමියන් ප්‍රධාන දූත පිරිසක් මේ අවස්ථාවට එක්වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය සිනමා සහ රූපවාහිනී අධ්‍යයන අංශයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක ද එක්වන බව ශ්‍රී ලංකා අගොන්ශු පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.
(ජේ.මුණසිංහ)

