මෙවර "ඉල්මහ විරු සමරුව" මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහභාගිවන මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තුවක් ජනාධිපති මාධ්‍ය අංශය වෙත යොමු කළ යුතුව ඇතැයි ජවිපෙ මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සමරුවෙහි මාධ්‍ය ආවරණය කිරීම සඳහා සම්බන්ධ කරවීමට බලාපොරොත්තුවන මාධ්‍ය ආයතනයේ නියෝජිතයින් දෙදෙනකුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකතන අංකය නොවැම්බර් 10 සඳුදා දිනට පෙර ලබාදීමට කාරුණික වන්නැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කෙරේ.
මතු පළ වන්නේ අදාළ මාධ්‍ය නිවේදනය යි.
හිතවත් මාධ්‍යවේදී මහත්ම මහත්මියෙනි,
ඉල්මහ විරු සමරුව සම්බන්ධයෙනි...,
නොවැම්බර් 13 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත "ඉල්මහ විරු සමරුව" මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහභාගිවන මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තුවක් ජනාධිපති මාධ්‍ය අංශය වෙත යොමු කළ යුතුව තිබේ.
එබැවින් එම සමරුව මාධ්‍ය ආවරණය කිරීම සඳහා සම්බන්ධ කරවීමට බලාපොරොත්තුවන ඔබ මාධ්‍ය ආයතනයේ නියෝජිතයින් දෙදෙනකුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකතන අංකය නොවැම්බර් 10 සඳුදා දිනට පෙර ලබාදීමට කාරුණික වන්න.
නොවැ. 13 පැවැත්වෙන ඉල්මහ විරු සමරුවට සහභාගි වන ... ... ... ආයතනයේ මාධ්‍යවේදීන් ලෙස තම මාධ්‍ය ආයතනයේ නම සඳහන් කොට 0716 714 712 (හේමතිලක ගමගේ) මෙම දුරකතන අංකය වෙත වට්ස්ඇප් මැසේජ් එකක් ලෙස යොමුකරන්න.
එදිනට මාධ්‍ය ආවරණය සඳහා අවසර දිය හැක්කේ එලෙස යොමු කරන මාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය සඳහන් කිරීමෙන් අනතුරුව බැවින් සිදුවිය හැකි අපහසුතාවයන් මගහරවා ගැනීමට මෙම විස්තර ලබාදීමට කාරුණික වන්න.
ස්තූතියි...!
ජවිපෙ මාධ්‍ය ඒකකය

