විදුලි බල මණ්ඩලයේ ආදායම සියයට 38% කින් පහළට

විදුලි බල මණ්ඩලයේ ආදායම සියයට 38% කින් පහළට

මේ වසරේ (2025) පළමු මාස හයේදී C විදුලිය අලෙවියෙන් උපයාගත් ආදායම සියයට 38.8කින් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.

ගිය වසරේ (2024) පළමු මාස හයේදී ලංකා විදුලි බලමණ්ඩලය විදුලිය අලෙවියෙන් රු. බිලියන 314.4ක් උපයා ගත්තද, එම ආදායම මේ වසරේ පළමු මාස හයේදී රු. මිලියන 192.6 ක් දක්වා රු. බිලියන 121.8 කින් (රු. කෝටි 12180 කින්) අඩු වී ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ 2025 වසරේ පළමු මාස හය තුළ විදුලි ඒකකයක විකුණුම් මිල කිලෝවොට් පැයට රු. 41.97 සිට 2024 වසරේ පළමු මාස හය තුළ කිලෝවොට් පැයට රු. 24.64 ක් දක්වා අඩුවීම තුළින් සාමාන්‍ය අවසන් පාරිභෝගික ගාස්තුව අඩුවීම බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙසේ 2025 වසරේ දී සාමාන්‍ය අවසන් පාරිභෝගික විදුලි ගාස්තුව අඩු කිරීම නිසා විදුලි බලමණ්ඩලය ගිය වසරේ පළමු මාස හයේදී වාර්තා කළ රු. බිලියන 99.7 ක්වූ දළ ලාභය, මේ වසරේ පළමු මාස හයේදී රු. බිලියන 11.2ක අලාභයක් බවට පරිවර්තනය වී ඇති බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ එම නවතම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

 


( ශ්‍යාම් නුවන් ගනේවත්ත | divaina)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න