ජාතික රූප­වා­හි­නියේ දුෂා­න්තගේ මවත් පියාත් එකම දිනෙක අව­සන් ගමන් යති

ජාතික රූප­වා­හි­නියේ දුෂා­න්තගේ මවත් පියාත් එකම දිනෙක අව­සන් ගමන් යති

‘සැර­ය­ටි­යෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ. සංසා­රෙන් අපි සමු­ගන්නා දා ඒ ගම­නත් අපි එකට යමු’

පෙර සංසාරේ සිට පතා­ගෙන ආ හැටි­ය­ටම මේ භවයේ ආද­ර­යෙන් බැඳුණු දෙදෙ­නෙක් ප්‍රාර්ථනා කරන්නේ ජීවි­තයේ නියත දහ­මක් වූ මේ භව­යෙන් නික්ම යන­දා­ටත් දෙදෙ­නාම මේ භව ගමන ද එක­ටම අව­සන් කර­න්න­ටය.

එසේ අව­සන් ගමන් ගිය යුව­ළක් පිළි­බ­ඳව කළු­තර, ඉංගි­රිය ප්‍රදේ­ශ­යෙන් අහ­න්නට ලැබු­ණේය. ඒ දහ­වල් 11-30ට බිරිය මිය­ගිය පසු රාත්‍රි 11-30ට සැමියා මිය යාමේ ශෝකා­න්ත­යක්ය.

මෙසේ මිය ගොස් ඇත්තේ ශ්‍රී ලංකා ජාතික රූප­වා­හිනි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේ­ද­ක­යකු ලෙස සහ වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­ක­ව­ර­යකු ලෙස කට­යුතු කරන මාධ්‍ය­වේදී දුෂාන්ත දර්ශ­නගේ මව සහ පියාය.

එම්.එස්.ජේ.ඒ.පී. දයාං­ගනී (68) සහ කේ.ටී. යස­ව­ර්ධන (78) යුවළ මෙසේ මිය ගොස් ඇත.

මීට දින කිහි­ප­ය­කට දුෂා­න්තගේ පියාට තිබූ රෝගී තත්ත්වය එක­ව­රම උත්සන්න වී හොරණ දිස්ත්‍රික් රෝහ­ලට ඇතුළු කළේය. පියාව හොරණ දිස්ත්‍රික් රෝහ­ලට ඇතු­ළත් කර දින­කට පසුව දුෂා­න්තගේ මවද ඉතා­මත්ම අස­නීප තත්ත්ව­යෙන් හොරණ දිස්ත්‍රික් රෝහ­ලට ඇතු­ළත් කරන ලදි.

පළ­මුව අම්මාට මූලික ප්‍රති­කාර කර අන­තු­රුව අටේ වාට්ටු­වට මාරු කෙරිණි. තාත්තා ඒ වන විට ප්‍රති­කාර ලබ­මින් සිටියේ නවය වාට්ටු­වේය. දුෂාන්ත මේ දින දෙක තුන පුරා­ව­ටම රෝහලේ රැඳී සිටියේ රාජ­කාරි කට­යුතු ද නතර කර­මිනි.

ඒ අතර වෛද්‍ය­ව­රුන්ගේ තීර­ණය වූයේ තාත්තාට තව­දු­ර­ටත් ප්‍රති­කාර කිරී­මෙන් ඵලක් නොවන බවත් ගෙදර රැගෙන යන ලෙසය. එය අනුව දුෂාන්ත ස්වාමීන් වහන්සේ නමක් වාට්ටු­වට වැඩම කර තාත්තා සහ අම්මා අතින් අට­පි­රි­කර පූජා කරන්න පින්කම් සිදු කිරී­මට අව­ස්ථාව සලසා දෙන ලදි.

වෛද්‍ය­ව­රුන්ගේ දැනු­ම්වත් කිරීම මත තාත්තාගේ අභා­වය බලා­පො­රො­ත්තු­වෙන් සිටි දුෂා­න්තට සිදු­වූයේ එක­ව­රම අද­හ­ගත නොහැකි සිදු­වී­මකි. ඒ තර­මක් හොඳින් සිටි ආද­ර­ණීය අම්මා එක­ව­රම වාට්ටු­වේදී හැම දෙනා­ටම කලින් සද­හ­ටම ජීවි­තෙන් සමු ගැනී­මයි.

ඒ අනුව ජීවි­තයේ එක් පැත්තක් කඩා වැටුණු දුෂාන්ත මවගේ දේහය බාර­ගෙන එය ඉංගි­රිය මල්ශා­ලා­වට රැගෙන අවශ්‍ය කට­යුතු සිදු කරන ලද අතර එදින රාත්‍රියේ ඔහුගේ ලෝකයේ ඉතිරි කොටස ද කඩා වැටෙ­මින් තාත්තා ද මෙලො­වින් සමු­ගත් බව යන ඛේද­නීය පුවත අස­න්නට ලැබුණි.

ඔහුගේ මව වන එම්.එස්.ජේ.ඒ.ජී. දයාං­ගනී මහ­ත්මිය මිය යන විට 68 වැනි වියේ පසුවූ අතර ඇය මීට කල­කට පෙර බර­ප­තළ රිය අන­තු­ර­කට ලක්ව පාද­යක් ඉව­ත්කර සිටි­යාය. පවුලේ එකම දරුවා වූ දුෂා­න්තය. 2022 අවු­රුද්දේ දී සිය මවත් සමඟ යතුරු පැදි­යෙන් ගමන් කරන විට ඉංගි­රිය නග­රයේ දී රිය අන­තු­ර­කට මුහුණ පාන ලදි. එහිදී සිය මව බර­ප­තළ ලෙස තුවාල ලැබූ අතර මාස ගණ­නා­වක් ප්‍රති­කාර කළත් ඇයට දෙප­යින් ඇවි­ද­ගත නොහැකි විය. පියා ද වරින් වර රෝගී තත්ත්ව­යට පත් වෙන්නට විය. කෙසේ නමුත් මවගේ ජීවි­තය බේරා ගැනීම සඳහා ඔහු සිය ජීවි­තයේ අප­හ­සුම තීන්දු­වක් ගත්තේ වෛද්‍ය උප­දේ­ශය මත මවගේ කකුල දණ­හිස අස­ලින් කපා ඉවත් කිරී­මට කැමැත්ත පළ කිරී­මෙන්ය. නමුත් අද ඔහුගේ මවත් පියාත් ඔහු අතැර අව­සන් ගමන් ගොස්ය.

මෙම දේහ­යන් ඉංගි­රිය රෝහල ඉදි­රි­පිට මලින්ද මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර අව­සන් කට­යුතු අද දින ( 05) ප.ව. 2.00ට ඉංගි­රිය ආදා­හ­නා­ගා­රයේ දී සිදු කිරී­මට නිය­මි­තය.

උපුටාගැනීම - දිනමිණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න