අයවැයෙන් පොඩි මිනිහාට සහන පැකේජයක්

අයවැයෙන් පොඩි මිනිහාට සහන පැකේජයක්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හෙට (07) ඉදිරිපත් කරන ලබන වසර සදහාවූ රජයේ අයවැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යම් යම් සහන ලබාදීමට කටයුතු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම මෙවර අයවැයෙන් අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන්ද සහන පැකේජයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි.

තවද බදු ගෙවීම් අඛණ්ඩවම පැහැර හැර සිටින අය බදු දැලට කොටු කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සහ ශ්‍රී ලංකා රේගුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලබන වසරේ ආදායම් ඉලක්ක ඉහළ දමා ගැනීමට අවශ්‍ය යෝජනාද මෙවර අයවැයට ඇතුළත් කෙරෙන බව දැනගන්නට ඇත.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව, විදේශ විනිමය මෙරටට ගලා එම වර්ධනය කර ගැනීම සඳහා සෘජු විදේශ ආයෝජන සහ අපනයන ඉහළ නංවා ගැනීම සඳහාවූ යෝජනාද මෙවර අයවැයට ඇතුළත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

වාහන සඳහා දැනට පනවා ඇති බදු සංශෝධනය නොකර ඉදිරි වර්ෂය සඳහාද ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑමට රජය අපේක්ෂා කරයි.

පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙන හෙයින් එම මැතිවරණය ඉලක්ක කර ජනතාවට තවත් විශේෂ සහන රැසක්ද මෙවර අය වැය ලේඛනයට ඇතුළත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

(සුජිත් හේවාජුලිගේ - lankadeepa)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න