අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට අනිසි ලෙස බලපෑම් කරමින් එහි ඉදිකිරිම් කටයුතුවලට බාධා කිරිම හේතුවෙන් තම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් අදාල කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම් සමාගමට ගෙවන ලෙස අභියාචනාධිකරණය උඩපලාත ප්‍රාදේශිය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්නට අද (07) නියෝග කර ඇත.
එමෙන්ම මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලට කිසිම අයුරකින් මැදිහත් වී බාධා කිරිම් සිදු නොකරන ලෙසද අභියාචනාධිකරණය ප්‍රාදේශිය ලේකම්වරියට නියෝග කර තිබේ.
විදේශ ආයෝජන මත ඉදිකරන මෙම ව්‍යාපෘතිය සදහා අදාල සමාගම ඊට වගකිවයුතු ආයතනවල අනුමැතිය ලබා ගෙන තිබියදී ප්‍රාදේශිය ලේකම්වරිය ඇගේ රාජකාරි සීමාව ඉක්මවා අනිසි ලෙස හා ද්වේෂසහගත ලෙස කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලට බාධා කර ඇති බව අනාවරණය වන බවද විනිසුරුවරයා සිය තින්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කර ඇත.
මේ අතර මෙවැනි කාරණාවලදී නිසි පරිදි කරුණු අධ්‍යයනය කර අදාල පාර්ශවයන්ට උපදෙස් දීමට නිතිපති දෙපාර්තමේන්තු නිලධාරින් කටයුතු කළ යුතු බවද විනිසුරුවරයා සදහන් කර තිබේ.
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලට එරෙහිව එහි ඉදිකිරිම් සමාගම වන ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම උඩපලාත ප්‍රාදේශිය ලේකම්ට විරුද්ධව අභියාචනාධිකරණයේ පවරා තිබු නඩුවක් විභාග කර මෙම තින්දුව ලබා දී ඇත.
පැමිණිලිකාර සමාගම වෙනුවෙන් සනත් විජේවර්ධන නිතිඥ සමාගමේ උපදෙස් අනුව ජනාධිපති නිතිඥ අලි සබ්රි සමඟ නිතිඥ නාමික් නාෆාත් පෙනි සිටි අතර අම්බුළුවාව භාරය වෙනුවෙන් ජනාධිපති නිතිඥ සංජිව ජයවර්ධන පෙනි සිටියේය.
උඩපලාත ප්‍රාදේශිය ලේකම් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනි සිටියේය.

