අනුන්ට නින්දා අපහාස කරමින්, බොරුවෙන් රටක් පාලනය කළ නොහැකි බවත්, අනුන්ට කපන වළවල්වල මාලිමාව ම වැටී දැන් මාලිමාවට උතුර දකුණ මාරු වී ඇතැයි සර්වජන බලය ජාතික මෙහෙයුම් ප්‍රධානී මධුර විතානගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මධුර විතාන...
මහින්ද ජයසිංහ ගේ අවධානයට...
''ආණ්ඩුවට සම්බන්ධ විශාල පිරිසක් මත් ජාවරමට අහුවෙලා. හැබැයි නීතිය ආණ්ඩුවට ඕන විදියට නැවෙනව වගේ පෙනවා. අධිකරණයට විමර්ශකයින් කරුණු ඉදිරිපත් කරන්නෙ දෙවිදියකට කියල කරුණු නිරීක්ෂණය වෙනවා. ඒවා විමර්ශනය කෙරෙන්නෙ මාලිමාවෙ දේශපාලනයට අගතියක් නොවෙන විදියට; බොහෝම මෘදු මොළොක් ළදබොළඳ විදියට. හැබැයි මේ ආණ්ඩුව තේරුම්ගන්න ඕන අනුන්ට ඇඟිල්ලක් දික් කරන කොට තමන් වෙත ඇගිලි 2ක් දික් වෙනව කියලා. විමර්ශකයො බලන්න ඕන මාලිමා මන්ත්‍රීවරිය හා මහත්තයා මහින්ද ජයසිංහගේ මාලිමා ගුරු සංගමයේ සාමජිකයින් ද, තව පාසල් ගුරුවරු මේකට හවුල් ද කියල. මේ ජාලය වහාම සොයා බැලිය යුතුයි.
නෝනා මාලිමාවෙ, මහත්තයා පොහොට්ටුවෙ නම් පුතා අනුර ගෙ ද...?
ඩී ඕ ගහල විමර්ශකයො කරන්න ඕන ආණ්ඩුවේ නම ගෑවුණා කියල විමර්ශන වෙන පාරවල් දිගේ යවන එක නෙවෙයි. ආණ්ඩුව විපක්ෂයටත්, විපක්ෂය ආණ්ඩුවටත් කැලෑ පත්තර ගගහ ඉඳල වැඩක් නෑ. මොකද මාලිමාවෙ සහෝදරවරු ඉතා අමාරුවෙන් මේ සිද්ධිය හෝදන්න පටන් අරන්. නෝනා මාලිමාවෙ මහත්තයා පොහෝට්ටුවෙ කියල හෝදන අය කියනවා. මිනිස්සු අහනව එතකොට පුතා අනුරගෙ කියල. මොකද පුතත් දැනට ඉන්නෙ අත්අඩංගුවේ. ඇත්ත සත්‍ය ජනතාවට දැනගන්න කටයුතු කරන්න. මේ මහා සමාජ ව්‍යවසනයට පාට පක්ෂ ආගම් ජාති භේදයක් නැතිබව මේ නොදරුවන් ඉන්න ආණ්ඩුව දැනගත යුතුයි.
වරායෙන් පිට කරපු කන්ටේනර් 323 නාමලේඛනය කෝ...?
ගරු අධිකරණය වැඩ කරන්නෙ පොලිස් විමර්ශන අනුව. නුවරඑළියෙ අයිස් මත්ද්‍රව්‍ය ෆැක්ටරියට වෙච්ච දෙයක් නෑ. පුවක්දණ්ඩාවෙ සනාලට ඩී ඕ ගහන්නෙ නැතිව රිමාන්ඩ් කළා. මහජන විරෝධය ආපු නිසා ප්‍රශ්නකරන්න කියල විදුහල්පති දවස් 7ක් ඩීඕ ගහල. පෑලියගොඩ මාලිමා මන්ත්‍රීතුමියට ඇප ලැබුණා. අපි තාම අහනව වරායෙන් පිට කරපු කන්ටේනර් 323 නාමලේඛනය කෝ...? ඒවට ආණ්ඩුව ගොළු වෙලා. උත්තර දෙන්නෙ නැතුව කට්ටි පනිනවා. කන්ටේනර් 323 ගෙන්නපු අය කවුද, ඒවයෙ ඇතුළෙ තිබුණෙ මොනව ද, ඒ කන්ටේනර්වල තිබුණ බඩු බෑවෙ කොහෙද? වරායෙ රේගු නිලධාරියෙක් ම පාර්ලිමේන්තුවෙ දි කිව්වා නීති විරෝධි දේවල්, මත් ද්‍රව්‍ය, ආයුධ තියෙන්න පුළුවන් කියල. ආණ්ඩුව කසාය බීපු ගොළුවො වගේ සද්ද නෑ. එහෙම නම් ඒ පන්නපු කන්ටේනර්වල: කුඩු, අයිස් රටපුරා තියෙන්න පුළුවන්. අනික මේ අල්ලන විදියට රට ඇතුළෙ කුඩු අයිස් හිඟයක් ඇතිවෙලා, සික් එක හැදිල පාරවල්දිගේ දුවන්න එපායැ. පාසල් දරුවන් මේ ජාවාරමට යොදාගන්නවා. පාසල් බෑග් එකේ කුඩු ප්‍රවාහනය කරනවා. පහුගිය ආණ්ඩුවට බෑග් චෙක් කරනකොට ජගත් මනුවර්නලා ඒව දැඩිව විවේචනය කළා.''

