ඩබල් කැබ් ටෙන්ඩරයේ වංචාවක්..! - හර්ෂ අයවැය විවාදය පටන් ගනිද්දීම ලෙඩේ අදියි

ඩබල් කැබ් ටෙන්ඩරයේ වංචාවක්..! - හර්ෂ අයවැය විවාදය පටන් ගනිද්දීම ලෙඩේ අදියි

*මේ හදන්නේ පගා දෙන්න!

* වහාම මේ ටෙන්ඩර් අහෝසි කරන්න!


ඩබල් කැබ්  රථ 1775ක් ගෙන්වීම සඳහා රජය විසින් සිදු කර ඇති ටෙන්ඩර් ක්‍රියාවලියේ ප්‍රසම්පාදනය නීති විරෝධී බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය අනුව දින හතළිස් දෙකක කාලයක් ටෙන්ඩර්කරුවන්ට ඊට ඉදිරිපත් වීමට අවස්ථාව දිය යුතු වුවත් මෙම ටෙන්ඩරය පමණක් දින දොළහක් වැනි ඉතා කෙටි කාලයකදී වසා දමා ඇති බවද ඔහු චෝදනා කරයි.

එමෙන්ම එක් සැපයුම්කරුවකු හෝ සීමිත සැපයුම්කරුවන් ප්‍රමාණයක් ඉලක්ක කරමින් ටෙන්ඩර් කොන්දේසි පවා සකසා ඇති බව ද  ඔහු කියා සිටියි.

මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ පළමු දින විවාදයට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් රථ ලබාදීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගු කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

අයවැය විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා පළමුවෙන්ම ආණ්ඩුව විසින් ගෙන්වීමට යන වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකර සිටියේ මෙසේය.


 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න