වත්මන් රජය උපාධිධාරීන් ගේ රැකියා විරහිතභාවය උපයෝගී කර ගෙන දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන සාදා එම සංවිධානවල ප්‍රධානීන්ට පත්වීම් දී සෙසු උපාධිධාරීන් අතරමං කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (07) අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයා, රැකියා විරහිත උපාධිධාරීන් නැවත වරක් රැවටීමට ලක් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එම අදහස් දැක්වීමේ දී වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ විපක්ෂ නායකවරයා...
ඇමතිකම් ලැබුනු පසු රැකියා දෙන්නම් කියලත් කිව්වා
''ජනාධිපතිවරණයට පෙර අප රටේ රැකියා විරහිත උපාධිධාරින් 35000ට බලය ලැබුණු පසු රැකියා ලබා දෙන බවට වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වුණා; එය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුවේ සඳහන් කරලත් තියෙනවා. ඒ අනුව උපාධිධාරීන් 20000කට ගුරු වෘත්තිය, විද්‍යා ගණිත තාක්ෂණ ඉංජිනේරු උපාධිධාරීන් 3000කට ඒ ක්ෂේත්‍රයේ සහ එම ක්ෂේත්‍රයට අයත් නොවන 9000කට තොරතුරු තාක්ෂණ මෙන්ම රේගු විදේශ සේවා ආදී ලෙස රැකියා 3000ක් ලබා දෙන බවට වුණ පොරොන්දුව වත්මන් ජනාධිපතිවරයා සහ රජය අයවැය දෙකක දී කඩකරලා; අමතක කරලා. මේ ආකාරයට බොරු කියා උපාධිධාරීන් රැවටුවේ ඇයි ද කියා ප්‍රශ්න කරනවා. රැකියා විරහිත උපාධිධාරීන් ඇන්දවූයේ ඇයි ද කියා ප්‍රශ්න කරනවා.
ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයේ දී පවා රැකියා දෙන බව කිව්වා; ඇමතිකම් ලැබුණු පසු රැකියා දෙන බවට පවසන හඬපට, වීඩියෝ දර්ශන ආදි සියලු සාක්ෂි තිබෙනවා. වත්මන් රජය උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය උපයෝගී කර ගෙන දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන හදා එම සංවිධානවලට ප්‍රධානීන්ට පත්වීම් දී සෙසු උපාධිධාරීන් අතරමං කරා.
රජය මේ රැවටිල්ල කරන්නේ උපාධි රැකියා 52000ක් තිබිය දී
ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජය රැකියා විරහිත උපාධිධාරීන්ට මේ අසාධාරණය කරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරනවා. අයවැය කතාවේ දී මහන්තත්වකමකින් උපාධිධාරීන් ආමන්ත්‍රණය කර තිබෙනවා. අගමැතිවරයාගේ අමාත්‍ය මණ්ඩල සටහනක් අනුව 52000ක් උපාධිධාරී රැකියා තිබිය දී රැකියා විරහිත උපාධිධාරීන්ගේ කරපිටින් දේශපාලන බලය ලබා ගත් මේ අය රැකියා විරහිත උපාධිධාරින්ගේ දුක් ගැනවිල්ල පැත්තකට විසි කිරීම ඛෙදනීය යි.
මානසික කෘරත්වයක්
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කරන්නේ රැකියා විරහිත උපාධිධාරින් මානසික කෘරත්වයට ලක් කිරීමක්. එවැනි ම්ලේච්ඡ දෙයක් නොකර මේ අයට රැකියා දෙන්න. මොවුන් වෙනුවෙන් විපක්ෂය පූර්ණ සහයෝගය ලබා දෙනවා. අමතර ප්‍රතිපාදන එකතු කිරීමට පරිපූරක ඇස්තමේන්තුවලට සහාය ලබා දෙන්නම්.
දැන්වත් මේ අයට රැකියා ලබා දෙන්න. මේ හිස් අයවැයට ශක්තියක් ලෙස උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්න. දැන්වත්: බොරුවෙන්, රැවටිල්ලෙන්, ඇන්දවිල්ලෙන් රට පාලනය කිරීම නවත්වන්න.
මැතිවරණ 3ක් පුරාවට සිදු කළ මේ පොරොන්දුව ඉටු කර මේ අයගේ බලාපොරොත්තු අභිලාෂ ඉටු කරන්න. උපාධිධාරීන් මානසික කෘරත්වයට ලක් නොකරන ලෙස අපි ඉල්ලා සිටිනවා. මෙය රජයේ යුතුකමක් සහ වගකීමක්.''
වීඩියෝ

