මේ අයවැය මාලිමා ආණ්ඩුවේ පැවැත්ම සඳහා සැකසූ අයවැයක් මිස ජනතාව වෙනුවෙන් සැකසූ අයවැයක් නොවේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
ඒම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක...
මෙවර උත්තරයත් බොරු
''ජනතාව බලාපොරොත්තු තියාගෙන අයවැය අහගෙන හිටියා. එදා පළමු වර අතුරු අයවැයක් නිසා ජනතාව සමාවක් දුන්නා. හදිස්සියේ ආණ්ඩුවක් ගත්තු නිසා. නමුත් මේ වතාවේ අයවැය තුළින් මහා පෙරළියක් වෙයි ජනතාවට ප්‍රතිලාභ ලැබෙයි කියලා හිතන් හිටියා. සමස්ත ජනතාවට කෙසේ වෙතත් මාලිමාවට ඡන්දය දීලා බලා හිටපු අයටවත් කිසිම දෙයක් නෑ. ගොවින්ට ලැබුණු දෙයක් නෑ. ඔවුන්ගේ ආර්ථිකයට ලැබුණු දෙයක් නෑ. වැට් එක අයින් කරනවා කිව්වට දෙවෙනි එකෙන් ඒක උණෙත් නෑ.
එදා පාරට බැහැපු විශ්වවිද්‍යාල සිසුන්ට කිව්වේ 'අපි ආවම රැකියා දෙනවා' කියලා. නමුත් අද කියනවා 'පාරට වෙලා ඉන්න එපා ගෙදර යන්න' කියලා. බොරුවෙන්ම තමයි මේ පාරත් ඒ අයට උත්තර දීලා තියෙන්නේ. මේ අය ප්‍රාදේශීය සභාත් සමුපකාර චන්දත් පැරදීගෙන යන නිසා පළාත් සභා මැතිවරණය පවත් වන එකක් නෑ. 225 ඩබල් කැබ් නඩත්තු කරන්න කොපමණ මුදලක් යනවද? ඒවා නඩත්තු කරන්න වෙන්නේ ජනතාවගේ බදු මුදල්. පර්මිට් එක දෙන්නේ නෑ කිව්වට මේ කැබ් රථ නඩත්තු කරන්න ඊට වඩා වියදමක් යනවා.''
වීඩියෝ
අලුත් කිසිවක් ඉදිරිපත් කළේ නෑ - ලසන්ත අලගියවන්න
මෙම මාධ්‍ය හමුව ඇමතූ ලසන්ත අලගියවන්න පැවසුවේ රාජ්‍ය සේවකයන්ට විශේෂ වැටුප් වැඩි වීමක් සිදු නොවුණ බවයි.
ලැබීමට නියමිතව ඇත්තේ ගියවර අයවැයේ දී වැඩි කළ කොටස බවත්, මෙවර ඉදිරිපත් කළේ ගියවර අයවැයේ සංඛ්‍යා ලේඛනම මිස අලුත් යෙක් නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.
වීඩියෝ

