ජනාධිපතිවරයා විසින් ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය සමස්ත රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු මෙන්ම ගුරු විදුහල්පතිවරුන්ගේ ද බලාපොරොත්තු ඉටු නොවන අයවැයක් බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳව එක වචනයක් හෝ කතා නොකළ අයවැයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසීය.
ගුරු විෂමතා ගැන කතා කරන්නට එපා යැයි ජනාධිපතිවරයා අයවැයේදී කළ කතාව පිළිබඳව කනගාටුවන බවද කී ස්ටාලින් මහතා වැටුප් විෂමතා ප්‍රශ්නය ගුරු විදුහල්පතිවරුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් යැයි ද කීවේය.
දුෂ්කර දීමනා වැඩි කළත් හොඳටම මදි
''අතිදුෂ්කර සේවයේ යෙදෙන ගුරුවරුන්ට දෙන්නේ දෙදහස් පන්සියයක දීමනාවක්. දුෂ්කර සේවයේ ගුරුවරුන්ට දෙන්නේ 1500ක දීමනාවක්. අපි යෝජනා කළා මේක පහළොස් දහස දක්වා වැඩි කරන්න. ඒත් ඒක නොසලකා හරිමින් මෙවර අයවැයෙන් එම දීමනා තවත් රුපියල් 1500කින් වැඩි කර තිබෙනවා. ඒක ප්‍රමාණවත් නෑ. බෝඩිං ගාස්තු වුණත් කීයක් ගෙවන්න වෙනවද. අධ්‍යාපනය සඳහා සීයට හයක් වෙන් කරන්න ගගා උද්ඝෝෂණ සටන් මෙහෙයුවේ එදා මේ ආණ්ඩුවයි. එහෙම ආණ්ඩුවේ ජනාධිපතිවරයා අයවැයේදී කියනවා වැටුප් විෂමතා ප්‍රශ්න අරගෙන උද්ඝෝෂණ කරන්න පාරට බහින්න එපා කියලා. මේක තර්ජනයක්.'' යයි ද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා කියා සිටියේය.

