ළමා නිවාසයකින් දැරියන් රවටාගෙන ගොස් අතවර කළ පරිවාස නිලධාරියා මාට්ටු !

ළමා නිවාසයකින් දැරියන් රවටාගෙන ගොස් අතවර කළ පරිවාස නිලධාරියා මාට්ටු !

අම්පාර, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳී සිටි පහළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙකු මහියංගණය ප්‍රදේශයේදී අපයෝජනයට ලක් කළ බව කියන පරිවාස නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු දෙහිඅත්තකණ්ඩිය පරිවාස කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන 35 හැවිරිදි අයෙකු බවත්, ඔහු දෙහිඅත්තකණ්ඩිය රිදී ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය පවසයි.

පසුගිය 03 වැනිදා අලුයම 2.00 ට පමණ මෙම දැරියන් මහියංගණය ප්‍රදේශයට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සිදුකරන ලද මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ සැකකරු විසින් එක් දැරියක් දූෂණය කර, අනෙක් දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි.

වින්දිත දැරියක් විසින් මේ පිළිබඳව සිය මිතුරියකට පැවසීමෙන් අනතුරුව, එම තොරතුර ළමා නිවාසයේ පාලිකාව වෙත ලැබී ඇති අතර ඇය විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිස් කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ සැකකාර පරිවාස නිලධාරියා ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ නමුත්, 03 වැනිදා රාත්‍රියේ මහියංගණය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

අම්පාර දිස්ත්‍රික් කාන්තා කාර්යාංශයට ලද තොරතුරක් මත, අම්පාර කොට්ඨාස කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ මහත්මිය සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසූරිය යන මහත්වරුන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරු දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර ඔහු 04 වැනිදා දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

(gossiplankanews)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න