ලබන 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය පිළිබඳව පක්ෂ පාට කණ්ණාඩි ඉවත ලා බලන ඕනෑම කෙනෙකුට සුවිශේෂී අධ්‍යයනයක් වී තිබෙන්නේ යැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් දැක්වූයේ අයවැය දෙවන වර කියවීම පිළිබඳ විවාදයට එක් වෙමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාතයවරිය පැවසුවේ විනයක් සහිතව ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබඳව සහ ඊළඟ මොහොතේ කුමක් සිදුවේ ද යනුවෙන් වික්ෂිප්ත ව බලා සිටි ජනතාවට වසරක් තුළ උපරිම සහන ලබා දෙමින් රට ගොඩ නැගීම පිළිබඳව පුළුල් චිත්‍රයක් පවතින බව යි.
භාණ්ඩාගාරය පිරී ඉතිරී ඇති බව විපක්ෂය පවා පිළිගන්නා මට්ටමට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සිදු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පෙන්වා දුන්නා ය.
මතු පළ වන්නේ අග්‍රාමාත්‍යවරිය කළ ප්‍රකාශය අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

