පර්යේෂණ වාර්තා පුස්තකාල රාක්කවලට සීමා නොවිය යුතුයි - ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු

Dr. Arosha Fernando

පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ බල ගැන්වීමට කටයුතු කරන අතර පර්යේෂණ ව්‍යාපෘති පුස්තකාලවල රාක්කවලට සීමා නොවී වානිජ ව්‍යාපෘති බවට පත් කිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1200ක් වෙන් කිරිම අගනා කටයුත්තක් බව ජාත්‍යන්තර ආයෝජන උපදේශක සහ ආර්ථික විශ්ලේෂක ආචාර්ය අරෝශ ප්‍රනාන්දු  ප්‍රකාශ කළේය.

වසර 2026 අයවැයෙන් තමා දකින විශේෂම ලක්ෂණය වන්නේ රජය පර්යේෂණ සඳහා විශාල අවධානයක් යොමු කර තිබීමයි. ලෝකයේ ඕනෑම රටකට වේගයෙන් සංවර්ධනය කරා ලගාවීමටනම් නව නිපයුම් කළ යුතුයි. නව සොයාගැනීම් කළ යුතුයි. නවෝත්පාදනයට යොමු විය යුතුයි. ඒ අනුව රජය ලබන වසර වන විට නවෝත්පාදන සංවර්ධන පර්යේෂණ ක්‍රියාවලිය එක් තැනක සිට මෙහෙයවීමට අධීක්ෂණය කිරීමට පරිපාලන ආයතනයක් පිහිටුවීමට යෝජනා කොට තිබෙනවා.

ජාතික පර්යේෂණ සංවර්ධන සහ වානිජකරණ ආයතනය ලෙස එහි ජාතික සභාව පිහිටුවනවා. එම යෝජනාව ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගන්නා බව කිව්වා. මෙවැනි වැඩපිළිවෙල දියුණු ජාතියක් ගොඩනැගීමේ විශාල පියවරක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඒ වගේම ආයෝජන ආකාර්ශනය කර ගැනීමට අරමුදලක් පිහිටුවීමට යෝජනා කොට තිබෙනවා. යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැපයිය හැකි ඉහළම සහය ලබාදීම ඒ හරහා සිදු කරනු ඇති. ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය හරහා අතථ්‍ය විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීමට කළ යෝජනාව අගය කරනවා.

ඩිජිටල් තාක්ෂණය වේගවත්ව මහජනතාවට ප්‍රථිලාභ අත්කර දෙන ආකාරයට සංවර්ධනය කිරීමට යෝජනා කර තිබීම වැදගත්. මහජනතාව ඩිජිටල් යටිතල පහසුකම්, කෘතිම බුද්ධිය භාවිතයට ගන්නා ආසියාවේ වේගවත් ආර්ථික වෘද්ධියක් සඳහා කටයුතු කරන පිරිසක් බවට පත් කර ගැනීමට අයවැයෙන් කළ යෝජනා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.

(ජේ. මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න