ශ්‍රී ලංකා මහ බැංකුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි සංශෝධන සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කර තිබේ.
දිනෙන් දින හතු පිපෙන්නාසේ පිහිටුවමින් ජනතාව මුලාකරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ඇතුලු අවිධිමත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමට තිබෙන දශක
ගණනාවක් පැරණි පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජනතාවට අදහස් දැක්වීමට මෙයින් අවස්ථාවක් විවෘත කර ඇත.
මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මුදල් ව්‍යාපාර විමර්ශනය කිරීම සහ නඩු පැවරීම, ශක්‍ය නොවන මුදල් සමාගම නිරාකරණය සහ ගණන් බේරා වසා දැමීම යන අවශ්‍යතා හඳුනා ගනිමින්, මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අනුව යෝජනා කර ඇත.
සංශෝධන පිළිබඳ නිරීක්ෂණ/ අදහස් / යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට ආරාධනා කරයි.
මුදල් ව්‍යාපාර පනතට යෝජිත සංශෝධන පිළිබඳ නිරීක්ෂණ / අදහස් / යෝජනා " යන උද්ධෘතය යටතේ 2025 නොවැම්බර් මස 30 වන දිනට පෙර තැපැල්, ෆැක්ස් හෝ ඊ- මේල් හරහා ඉදිරිපත් කළ හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
තැපැල් ලිපිනය : අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ
දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක. 30, ජනාධිපති මාවත, කොළඹ 01
ෆැක්ස්: 011 2477738
ඊමේල්:
(ජේ.මුණසිංහ)

