අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ නව සාමාජිකයින්

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ නව සාමාජිකයින්ට පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (10) සිදු කෙරිණ.

විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ඒ. කලුආරච්චි කළමනාකරණ මණ්ඩලයේ නව සාමාජික සභාපති ලෙස පත් කර ඇති අතර, ජේ.කේ.මහල්පත් මිය, වෛද්‍ය යු.ඒ.කේ. තෙන්නකෝන්, එස්.සෙල්ලතම්බ් මිය සහ වෛද්‍ය එන්. ප්‍රනාන්දු සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත.

2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 42( 3) (ආ) සහ 43 (1) වගන්ති ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නීතිමය වැඩපිළිවෙළක් හඳුන්වා දීම මගින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවා ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න