ලෝකයේ සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ කොමිසම් අභිභවා අපේ රටේ මැතිවරණ කොමිසම ඉදිරියට - සජිත් ප්‍රේමදාස

ලෝකයේ සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ කොමිසම් අභිභවා අපේ රටේ මැතිවරණ කොමිසම ඉදිරියට - සජිත් ප්‍රේමදාස

ඉන්දියාව 50 දශකයේ ආදර්ශමත් මැතිවරණ කොමිසම් වැඩසටහනක් ආරම්භ කළත් ලෝකයේ සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ කොමිසම් අභිභවා ඉදිරියට ඒමට අප රටේ මැතිවරණ කොමිසමට හැකියාව ලැබීම ගැන සතුටු වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කර තිබූ හමුවක් අමතමිනි. මෙම හමුව පැවැත් වුණේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම බවට පත්වීම සම්බන්ධයෙනි.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන මුර දේවතාවුන්

මේ මැතිවරණ කොමිසමට සභාපතිවරු සාමාජිකයන් ඇතුළු සියලු දෙනාටම පාහේ දේශපාලන මතයක් ඇති නමුත් මේ සියලු දෙනා ඉන් ඔබ්බට ගොස් කුමන දේශපාලන මතයක් දැරුවත් වගකීම වගවීම විනිවිදභාවය නිවැරදි ක්‍රමවේදය ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රශංසාවට ලක් කළ යුතු යි. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ගෞරවය පුද කර සිටිනවා. ඉතිහාසය පුරාම ලෝකයේ සෙසු රටවල මෙන්ම අප රටේ ද මැතිවරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආයතන කාලයක් පුරා දේශපාලනීකරණයට ලක් වුවත් ක්‍රම ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පරිණතභාවයට ලක්වන විට වැදගත් අදහස්වලට අගයක් ලැබෙන විට ස්වාධීනත්වය ස්ථාපිත කිරීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වුණා. මේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන මුර දේවතාවුන්. ජනතාවගේ සෛරීත්වය, ජනතා පරමාධිපත්‍ය, ජනතා අභිලාශ ශක්තිමත් කිරිමට ක්‍රමවේදය ගැන විශ්වාසයක් තිබිය යුතු යි. මේ විශ්වාසනීයත්වය වැදගත්. යුක්ති සහගතව සාධාරණව ක්‍රියාත්මක වන බවට බැලූ බැල්මට ජනතාවගේ විශ්වාසය හා ක්‍රමවේදය සුරක්ෂා කිරීමත් වැදගත්.

ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ටත්ව සන්නාමය

සෑම කොමිසමක් ම මැතිවරණ ක්‍රියාවලිය තුළ අභියෝග රැසකට මුහුණ දෙනවා. දුර්මත, අසත්‍ය, වැරදි තොරතුරු යන කරුණු කාරණා තුළ සෑම මැතිවරණ කොමිසමක් ම අභියෝග රැසකට මුහුණ දුන්නා. වගකීම සහ වගවීම තුළ කොන් වූ ජන කොට්ඨාස, ආබාධිත ප්‍රජාව, කාන්තාවන් යන අංශවලට නිසි රැකවරණය ආරක්ෂාව ශක්තිය ලබා දෙන්න සෑම කොමිෂන් සභාවක් ම කටයුතු කිරීම සතුටට කරුණක්. නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ටත්ව සන්නාමය ලෙස අප රටේ මැතිවරණ කොමිසම හඳුන්වන පුළුවන්.

මැතිවරණ ක්‍රමය පිළිබඳ අපේ යෝජනා

දේශපාලන මතිමතාන්තර දර්ශන වැඩපිළිවෙළ පිළිගත් දේ ආදිය එලෙසම තබා ගෙන රටේ සහ ජානතාවගේ උන්නතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීම වෙනුවෙන් සුපුරුදු රාමුවෙන් ඔබ්බට ගොස් නිවැරදි විශිෂ්ට සේවාවක් ඉටු කිරීම අගය කරනවා. මේ ලැබූ ජාත්‍යන්තර ගෞරවය එයට ද හිමිවිය යුතු යි. තවදුරටත් මෙම මැතිවරණ ක්‍රමය: ස්වාධිනත්වය, විනිවිදභාවය, වගකීම සහ වගවීම ආරක්ෂා කිරීමට අපිටත් යෝජනා කිහිපයක් තියෙනවා.

මැතිවරණ පැවැත්වීමේ කාලවකවානු ගැන කතා කරන විට ඒ ඒ කාලවකවානුවලට පවතින ආණ්ඩුවලට ලබා දෙනවා වෙනුවට ස්ථිර කාලයක් තුළ පැවැත්වීමට කටයුතු කළ යුතු යි. එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා. එසේම නිශ්චිත කාල වකවානුව තුළ මැතිවරණ පැවැත්වීමට මුල්‍ය වෙන් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවිය යුතු යි. ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීමක් ගැන සිතන්න. අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ජනතා පරමාධිපත්‍ය සුරකීම අපගේ අභිප්‍රාය නම් මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන්න. දැනට ලෝකයේ සිදුවන පරිවර්තනාත්මක තාක්ෂණ විප්ලවය තුළ ඡන්ද දායකයාගේ අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද කියා සිතිය යුතු යි. මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු විය යුතු යි.''

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න