විපක්ෂයේ බලවේගවල එකතුවෙන් නොවැම්බර් 21දාට එළිදැකීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට 'දිනන දකුණ' සංවිධානයේ හෘදයාංගම සුභ පැතුම් එක් කරමින් නිවේදනයක් නිකුත්කර ඇත.
එහි මෙසේ සඳහන් වේ.
අප සාමුහිකයේ අදහස
මෙරටේ පුරවැසියන් ගේ ජන කැමැත්ත පික්පොකට් ගසා ලබා ගත් බලය පක්ෂ ආධිපත්‍ය තහවුරු කෙරෙන රාජ්‍යයක් කරා සීරුවට තහවුරු කරගැනීම උදෙසා පිඹුරුපත් සකස් කරමින් සිටින අනුර-ටිල්වින් ආණ්ඩුවට අභියෝගයක් සිදුකරන විපක්ෂ බලවේයක් ගොඩනැගීම 'දිනන දකුණ' සාමුහිකයේ අවංක ප්‍රාර්ථනය වන්නේ ය.
එවැන්නක් පෙරදැරි කොටගෙන දේශපාලනයේ යෙදෙන 'දිනන දකුණ' සාමුහිකය, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා වන විපක්ෂයක බලපැම් කණ්ඩායමක් ගොඩනැගීමට සිදුකරනු ලබන ඕනෑම ආකාරයක වූ ප්‍රයත්නයක් සඳහා අපගේ සහෝදරාත්මක සහයෝගය ලබාදීමට පසුබට නොවන්නෙමු.
අප ඉදිරියේ පවතින අභියෝගය
අපට අනුව නායකයා යනු, අදහසක් මිස වීරයකු හෝ ප්‍රතිමුර්තියක් නොවේ. එම නිසා පුද්ගලානුබද්ධ දේශපාලනයෙන් තොරව මේ වන විට වර්තමාන රජයට එරෙහි නව අදහසක් ඉදිරියට ගෙන යා හැකිවන දේශපාලන බලවේගයක නායකත්වයක් රටට අවශ්‍යව තිබේ. නොවැම්බර් 21 දාට එළිදකින නව විපක්ෂ බලවේගයෙන් ඉල්ලා සිටින්නේ අප සමාජය තුළ ලියැලෙමින් වැඩෙන නව දේශපාලන අදහස් පිළිබඳව වඩ වඩාත් සංවේදී වන ලෙසට ය.
ප්‍රබන්ධවලින් මිදුණු ආඛ්‍යනවලට වැඩි බරක්
වර්තමාන රජය විසින් තම දුෂණයට එරෙහි වැඩපිළිවෙළ දේශපාලන අවියක් ලෙස භාවිතා කරනු ලබන පසුබිමක පවා සැබෑ ලෙස දුෂණයට එරෙහිවීම විපක්ෂ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් විය යුතු බවට අප විශ්වාස කරයි.
සිංහල බෞද්ධ උරුමය පිළිබඳ සංවේදී වන අතරේම රටේ සියලු ජන කොටස්වල සංස්කෘතිය සහ අක්මුල් රැකගෙන ශ්‍රී ලාංකික සමාජය නූතන තලයකට ගෙන යන්නට පවතින දේශපාලනික විභවය පිළිබඳව දැක්මක් සමාජයට අවශ්‍ය තිබේ. එම නිසා අප ගමන් කළ යුත්තේ ඉදිරියට මිස ජනවාර්ගික සාමය ඛණ්ඩනය කිරීමට රුකුල් සපයන දේශපාලනයක් සමග නොවන බව අවධාරණය කරමු.
වර්තමාන රජයේ ප්‍රමුඛ දුර්වලතාව
රටේ අනාගතය, පවුලේ හා පුරවැසියාගේ අනාගතය භාරගැනීමට සුදානම් බව පෙන්නුම් කෙරෙන දාර්ශනික දේශපාලනයක ප්‍රවිශ්ටයක් විපක්ෂය විසින් සමාජය වෙත සන්නිවේදනය කළ යුතුව තිබේ. මේ සමස්තය රටේ පුරවැසියා වෙත ඒත්තු ගන්වන්නට සමත් වන්නේ දේශපාලඥයා ද අවංක, පිරිසිදු සහ නිර්ව්‍යාජ දේශපාලනයක නිරත වන බවට සමාජයට ඒත්තු ගන්වන්නට සමත් වන්නේ නම් පමණක් යැයි අපගේ විශ්වාසය වන්නේ ය.
ඉහත කී සමස්තය තුළ ලාංකික සමාජයේ අභියෝගය වන්නේ අප පුද්ගලයන් ලෙස ධනය උපයන්නට හැකි වන සානුබල සපයන පරිසරයක් ගොඩනංවන්නේ කෙසේද යන්න යි. වර්තමාන රජයේ ප්‍රමුඛ දුර්වලතාවය වී ඇත්තේ ද රටට අවැසි ආර්ථික සංවර්ධනයක් උදෙසා වන අවම වැඩපිළිවෙලක් හෝ මේ වන තෙක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම ය.
ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නම් සවිමත් සහ වර්ධනය වන සුළු ආර්ථිකයක් පැවතිය යුතු ය. එම නිසා හුදු ආණ්ඩු විරෝධයෙන් එපිටට යන සමස්ත වැඩපිළිවෙළක් සමාජයට අවශ්‍යව තිබේ. වර්තමාන ආණ්ඩුවේ දේශපාලන ප්‍රෝඩාව සමාජය තුළ තහවුරු කළ හැක්කේ එවිට ය.
අප බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ සමාජයට බුද්ධිමය හා සදාචාරාත්මක වශයෙන් ඉහළ පණිවුඩයක් ලබා දෙන විපක්ෂ දේශපාලන බලවේගයක බිහිවීම කෙරෙහි ය. ඒ සඳහා වන මුල්ගල අප විසින් ඉහතින් අවධාරණය කරනු ලබන අදහස් මත පෝෂණය කරමින් තබන්නට හැකිවේවා යන්න 'දිනන දකුණ' සාමූහිකයේ ප්‍රාර්ථනයයි...!
විනය - අවංක බව - අව්‍යාජ බව රකින දේශපාලන චර්යාවක් දිනන දකුණේ ප්‍රාර්ථනයයි !


