කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජන මාධ්‍ය කවය මගින් 20 වන වරටත් සංවිධානය කරන ලද ''නින්නාද" අන්තර් පාඨශාලීය මාධ්‍ය දින තරගාවලියේ සමස්ත තරගාවලියෙහි ශූරතාව මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සමත් විය.
මෙම තරගාවලිය පසුගිය අගෝස්තු 23වන දින පාසල් 200කට අධික සංඛ්‍යාවක අංකුර මාධ්‍යවේදීන් 2500කගේ සහභාගිත්වයෙන් පැවැත්වූයේ ය.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ "නින්නාද" 20වන සංවත්සරය අරලිය ගහ මන්දිරයේ දී නොවැම්බර් 07 වන දින සාර්ථකව නිමාවට පත් විය. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සහභාගී විය.
මෙහිදී සමස්ත තරගාවලියෙහි ශූරතාව මහනුවර මහමායා බාලිකා විද්‍යාලය හිමිකරගත් අතර ම අනුශූරතාවය හිමිකර ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හැකි විය. මේ අතර ම වසරේ ජනප්‍රියතම පාසල් මාධ්‍ය ඒකකය ලෙස කොළඹ කයිරියා බාලිකා විධ්‍යාලයෙහි මාධ්‍ය ඒකකය තේරී පත් විය. වසරේ විශිෂ්ටතම පාසල් මාධ්‍ය පෞරුෂයට හිමි R.I.T. අලස් අනුස්මරණ කුසලානය හිමිකර ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙහි අරිත දෙව්වින් සිසුවා සමත් විය.


