අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.
ඒ සඳහා අයවැයෙන් රුපියල් කෝටි සීයක් වෙන් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
එම වැඩපිළිවෙල ආරම්භ කළ පසු ගොවීන්ට ආපසු හැරී යාමට අවශ්‍යතාවක් මතු නොවන බවද අමාත්‍යවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය
''අල ලූනු ගොවීන් මුහුණ දෙන ප්‍රශ්නයක් මේ දිනවල තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒ ගැටළුවට විසඳුම් කඩිනමින් ලබාදෙනවා. මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස සමූපකාර තොග වෙළඳ සංස්ථාව ස්ථාපිත කරලා තියෙනවා.'' අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් පැවසීය.
''වසන්ත සමරසිංහ කියන්නෙ කිසිම සංවේදිතාවයක් නැති මිනිහෙක්'' - Uvindu Kurukulasuriya
අමාත්‍ය වසන්ත සමරසිංහගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.
''වසන්ත සමරසිංහ කියන්නෙ කිසිම සංවේදිතාවයක් නැති මිනිහෙක්. ගොවියො ගැන කතාකරන විදිය දැක්කම හිතාගන්න පුළුවන් එයාගෙ මොළේ තරම. උද්දච්චකමේ හොඳම එක.
ගොවීන්ට අද තියෙන ප්‍රශ්නය විසඳන්නෙ නැතුව 2026 යැයි යැයි බයිල ගහල වැඩක් නැහැ. ලබන අවුරුද්දෙ පළාත් සභා ඡන්දෙ තියන්න සූදානමක් නැති නිසා ද දන්නෙත් නැහැ ඕය වගේ ගොං කතා කියන්නෙ. අනුර බජට් එකෙන් රුපියල් බිලියනයක් ඡන්දෙ තියන්න වෙන් කරාට ඒ ඡන්දෙ තියන්නෙ නැහැ කියන්න හොඳම සාක්‍ෂිය තමා වසන්තල කතාකරන විදිය.
එක මන්ත්‍රියෙක්, ඇමතියෙක් ගිහින් නැහැ ගොවියොන්ට කතාකරන්න. කෙළව ගන්නව කෙළව ගැනිල්ලක් ආයෙ ලොවෙත් නැතිවෙන්න. වසන්තට විතරක් කෙළවෙනව නම් කමක් නැහැ, නමුත් මුළු NPP එකටම කෙළවන්නනෙ මේ හදන්නෙ. පිටකොටුවෙ අළුත හැදුන මාෆියා එකෙන් තමයි ලංකාවෙ අල, ළූණු වෙළදාමයි කෘෂිකර්මෙයි දෙකම පාලනය කරන්නෙ. ලාල් කාන්තත් ලැජ්ජවෙන්න ඕන.''

