වලානේ වැඩ වෙන්නේ කාගේ වුවමණාවට ද?

වලානේ වැඩ වෙන්නේ කාගේ වුවමණාවට ද?

සිමෙන්ති සංස්ථාවේ භාරකාරිත්වය යටතේ තිබෙන පුත්තලම, අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි භුමි භාගය තුළ දැවැන්ත පරිසර විනාශයක් සිදු කළ බවට චෝදනා කරමින් ආශා මිනරල් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ රසික අතපත්තු අත් අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙන අතර, රසික අතපත්තුගෙන් පැය 12 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අඩංගුවට ගැනීම සිදු කර ඇත.

වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ආශා මිනරල් සමාගමේ අරුවක්කාලු වැඩ බිමට හදිස්සියේ ඇතුල් වී එම භුමියේ තිබු යන්ත්‍ර සුත්‍ර අත් අඩංගුවට ගැනීමට මීට පෙර සිදු කර තිබිණි. නමුත් ඒ වන විටත් මෙම සමාගමේ වගකිව යුත්තන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදු කර තිබුනේ නැත.

එසේම ඒ සඳහා වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට පැමිණිලි කළේ කවුද? නියෝග දුන්නේ කවුද යන්න තවමත් රහසක්.

කොහොම නමුත් මෙම අරුවක්කාලු හුණු ගල් කැනීම් භුමිය සිමෙන්ති සංස්ථාව සතු ඉඩමක් වන අතර එහි පුත්තලම සිමෙන්ති කම්මලෙහි සිමෙන්ති නිහ්පාදනය සඳහා හුණු ගල් කැණිම් කටයුතු සිදු වන්නේ මීට දශක ගනනාවකට පෙර සිටයි.

නමුත් මේ වන විට චෝදනා එල්ල වී තිබෙන ආශා මිනරල් සමාගම, මෙම භුමියේ කිසිදු කැණිමක් හෝ ඛණිජ වැලි ගවේශනයක් සිදු නොකරයි. එම සමාගම ආරම්භ කළ ව්‍යාපෘතියෙන් සිදු කරන්නේ හුණුගල් කැණීමට පෙර ඉන් ඉවත් කෙරෙන මතු පිට රතු පස්, යළි හුණුගල් කැණිම් වළවල් පිරවීමට පෙර එම පස් තුළ අඩංගු ඛනිජ වැලි නිස්සාරණය කර ඉලිමනයිට් වෙන් කරගෙන එය අගය එකතු කළ නිශ්පාදනයක් ලෙස අපනයනය කිරීමේ ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය පසුගිය ආර්ථික අර්බුද සමයේ දී මෙරටට විදේශ විනිමය ගෙන එන කර්මාන්ත අරඹන ලෙස රජයෙන් සිදු කළ ඉල්ලීමක් මත ආරම්භ කෙරුණු ව්‍යාපෘතියකි.

එමෙන්ම මේ සඳහා රජයේ අනුමැතිය ලබා ගත යුතු සියළුම ආයතන වල නිත්‍යානුකූල අවසරයන් ලබා ගෙන තිබිණි.

ඒ අනුව පාරිසරික, පුරා විද්‍යා, වන ජීවී, වන සංරක්ෂණ, ආදී රාජ්‍ය ආයතන 15 නිත්‍යනුකුල අනුමැතියන් සහ බලපත්‍ර සියල්ල මෙම ව්‍යාපෘතියට ලැබී තිබිණි.

එමෙන්ම රතු පස්වලින් ඛනිජ වැලි නිස්සරණය කරන ලංකාවේ පළමු ව්‍යාපෘතිය වන මෙමඟින් රජයට ද අමතර විශාල ආදායමක් ලැබීමත්, සෘජුවම නව රැකියා අවස්ථා 500 ක් පමණ උත්පාදනය වීමට නියමිත විය. මේ වෙනුවෙන් ආශා මිනරල් සමාගම ආයෝජනය කිරීමට නියමිත මුදල රුපියල් බිලියන 33 ක් වේ. එමෙන්ම ආශා මිනරල් සමාගම මුළුමනින්ම දේශීය සමාගමක් වේ.

වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ආශා මිනරල් සමාගමේ අරුවක්කාලු වැඩ බිමට වැටලීමෙන් පසුව එම සමාගම මෑතක දී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට අදාල සියලු බලපත්‍ර සහ අනෙක් ලියකියවිලි ප්‍රසිද්ධ කර තිබිණි.

එසේම ඒවා නීති විරෝධී හෝ වෙනත් අඩු පාඩු සහිත නම් පෙන්වා දෙන ලෙසටත් අභියෝග කර තිබිණි. නමුත් මෙම ව්‍යපෘතිය සම්බන්ධයෙන් චෝදනා කරන කිසිවකුත් එම අභියෝගය භාරගෙන තිබුණෙ නැත.

ඒ කෙසේ නමුත් මෙම භුමියේ ඛනිජ වැලි කැණිම සහ ගවේශනය සඳහා යැයි කියමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් බලපත්‍ර ලබා තිබෙන විදේශ සමාගමක් සහ එහි අනුබද්ධ මෙරට සමාගමක් විසින් දිගින් දිගටම මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක යේ දී සිටී.


මෙම සමාගම් දශකයකට පමණ පෙර සිටි ගවේශන බලපත්‍ර ලබා ගෙන තිබුණත් මේම භුමියේ කිසිදු ගවේශනයක් සිදු කර නොමැති අතර එමෙන්ම වෙනත් කිසිදු සමාගමකට එම භුමියේ වෙනත් කිසිදු ව්‍යාපෘතියකට අවස්ථාව ලබා දීම වැළැක්වීමත් සිදු කරමින් සිටී.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන්, ඛනිජ වැලි ගවේශන බලපත්‍ර අයතා ලෙස ලබා ගනිමින් ඒ හරහා වෙනත් ජාවාරම්කාර ව්‍යාපාර කරමින් සිටින සමාගම් ගනනාවක් ගැන පසුගිය කාලයේ වාර්තා වී තිබිණි. මෙම බලපත්‍ර ලබා දීම එම කාර්යාංශයෙන් ඉවත් කිරීමට ද රජය පියවරක් ගැනීමට නියමිත් බවට වාර්තා වූයේ ද මේම ආයතනයේ ක්‍රියාත්මක දූෂිත යාන්ත්‍රණය නිසාය.

එමෙන්ම මෙවැනි කූට ව්‍යාපාරික සමාගම් විසින් අල්ලස් ලබා අනෙක් දී රාජ්‍ය නිලධාරීන් ද තමන්ගේ ජාවාරම්කාර වුවමණාවන් වෙනුවෙන් යොදා ගන්නා බවට ද තොරතුරු වාර්තා වී ඇත.

ආශා මිනරල් සමාගමට එරෙහිව ක්‍රියාත්මක වන මෙහයුම් අනුවත් පෙනී යන්නේ මේ අල්ලස් මුදල් නීතියට එපිටින් වැඩ කරමින් ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න