මෙවර අයවැයෙන් අප රටේ දුප්පත් ජනතාව සහමුලින් ම නොසලකා හැරලා - සජිත් ප්‍රේමදාස

මෙවර අයවැයෙන් අප රටේ දුප්පත් ජනතාව සහමුලින් ම නොසලකා හැරලා - සජිත් ප්‍රේමදාස

වත්මන් රජය විසින් මෙවර අයවැයෙන් අප රටේ දුප්පත් ජනතාව සහමුලින්ම නොසලකා හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

මාලිමාව ලුම්පන් ධනවාදීන්ගේ ග්‍රහණයට ලක්වෙලා

''දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයට අනුව අප රටේ දුප්පත්කම 25%ක්. තවත් විශ්ලේෂකයන්ට අනුව දුප්පත්කම 40-50%ක්. මේ අනුව වත්මන් රජයට අප රටේ දුප්පත්කම ගැන හරිහමන් සංඛ්‍යාලේඛන පවා නැහැ. දුප්පත් ජනතාව වැටී ඇති මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්න වත්මන් රජයට වුවමනාවක් හෝ වැඩපිළිවෙළක් නැහැ. දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවක් ඇති මොහොතක වත්මන් රජය අප රටේ දැවැන්ත පීඩනයට ලක් වූ දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව අයවැයේදී අමතක කර දමලා. මේ වන විට නාගරික, ග්‍රාමීය හා වතු ප්‍රදේශවල දුප්පත්කම ශීඝ්‍රයෙන් වැඩි වී, උග්‍ර බරපතළ සමාජීය ගැටලුවක් නිර්මාණය වෙලා.

 මේ රජය බලයට ආවේ නිර්ධන පන්තිය නියෝජනය කරමින්; වැඩ කරන ජනතාව නියෝජනය කරමින්; නිර්ධන පන්ති අයිතිවාසිකම් වෙනුවෙන් යැයි පවසා වුවත් මේ වන විට වත්මන් රජය නිර්ධන පන්තිය අමතක කර ලුම්පන් ධනවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ලුම්පන් ධනවාදීන්ගේ සුවච කීකරු ගෝලයන් බවට පත්වෙලා.


ජනාධිපතිට මුල මෙන්ම තමන්ගේ ම ප්‍රතිපත්ති අමතක වෙලා

අද දුප්පත් ජනතාව දුප්පත්කමින් මිදෙන්නට ආධාර උපකාර ගැන යෝජනා ඉදිරිපත් කරන විට රජයේ ඇමතිවරු ඔවුන් හිඟන්නන් ලෙස නිග්‍රහ කර, අපහාස උපහාස කරනවා. දුප්පත් ජනතාව ආධාර වෙනුවෙන් හිඟමනේ යන අය බවට රජයේ ඇමතිවරු කරන විග්‍රහය රජයේ ප්‍රතිපත්තිය ද කියල අපි අහනවා. එසේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් දුප්පත් ජනතාව අමතක කළ අයවැයක් ඉදිරිපත් කළා.

මේක දුප්පත්කමින් පෙළෙන ජනතාවට දුප්පත්කමින් මිදෙන්න වැඩසටහනක් නොමැති අයවැයක්. ඔහුට මුල මෙන්ම තමන්ගේ ම ප්‍රතිපත්ති අමතක වෙලා. ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපති කළේ දුප්පත් ජනතාවට සේවාවක් ඉටු කිරීමට වුනත් අද ජනාධිපතිවරයා ඒ සියල්ල අමතක කරලා. ඔහු අයි. එම්. එෆ් එකේ සේවකයකු බවට පත් වෙලා; අයි. එම්. එෆ්. එක දුප්පත් ජනතාව මත පටවන පීඩනය අසහනය ක්‍රියාත්මක කිරීමේ ඒජන්තවරයකු බවට පත්වෙලා. රටේ ජනතාව අවස්ථා තුනක දී දුන් වරම විසි නොකර දැවැන්ත සමාජ ප්‍රශ්නයක් වන දුප්පත්කමට විසඳුම් ලබා දෙන ලෙසත් රජය සතු ආදායම් සම්පත දුප්පත්කම තුරන් කරන්නට යොදවන ලෙස අපි ඉල්ලා සිටිනවා.''





 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න