මෙරට හදවත් රෝගී දරුවන් 50කට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී හදවත් සැත්කම්

මෙරට හදවත් රෝගී දරුවන් 50කට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී හදවත් සැත්කම්

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල ( Amrita Hospital) තුළ දී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ  අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.



ප්‍රමුඛ අරමුණ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ බටහිර කොළඹ රෝටරි සමාජය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර, මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති කේ.පී නාගරාජා යන අය මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබී ය.

බටහිර කොළඹ රෝටරි සමාජය සහ බටහිර  කොචි රොටරි සමාජය එක්ව ගෝලීය ව්‍යාපෘතිය (Rotary Global Project) හරහා මේ සඳහා අරමුදල් සපය යි. දහසකට අධික හදවත් රෝගී දරුවන් පිරිසක් සැත්කම් සඳහා මෙරට පොරොත්තු ලේඛණවල සිටින අතර, හදවත් සැත්කම් සිදු කිරීමේ පහසුකම් මෙරට පැවැතිය ද හදිසි හදවත් සැත්කම් ඇතුළු පොරොත්තු ලේඛණ අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

දෙවන පියවර ක්‍රියාත්මක කිරීම ‍
 
පොරොත්තු ලේඛණවල සිටින රෝගීන් අතරින් ප්‍රමුඛතාව මත හදවත් සැත්කම් සිදු කිරීමට යොමු කරන රෝගීන් රෝග නිර්ණායක මත තෝරා ගැනීම කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබයි. මෙහි පළමු අදියර යටතේ මීට වසර 02 කට ඉහත දී මෙරට හදවත් රෝගී දරුවන් 60 දෙනෙකු සඳහා සාර්ථකව සැත්කම් සිදුකර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර, එම සාර්ථකත්වය  අනුව දෙවන පියවර ක්‍රියාත්මක කිරීමට මේ අනුව කටයුතු ‌යොදා ඇත.

 මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට වෛද්‍යවරු සහ හෙදියන් ද පුහුණුව සඳහා ඉන්දියාවේ කොචි  හි අම්රිතා රෝහල වෙත යොමු කෙරෙන අතර, අම්රිතා රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය ඇතුළු කාර්ය මණ්ඩලයක් මෙරටට පැමිණ ගර්භාෂයේ සිටිය දී හදවත් රෝගී දරුවන් හදුනා ගැනීම සඳහා වූ පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.

WhatsApp Image 2025 11 11 at 9.09.16 AMWhatsApp Image 2025 11 11 at 9.09.15 AM

Screenshot 2025 11 11 164933

Screenshot 2025 11 11 165017
 
(දීප්ති විජේතුංග)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න