මෙවර අය වැය මගින් මාතලේ දිස්ත්‍රික්කය සෘජුව අදාළ වන අය වැය යෝජනා සියල්ල ම එක්සත් ජාතික පක්ෂය, යහපාලන රජය ආරම්භ කළ ව්‍යාපෘති මිස, නව යෝජනා නොවන බව පැහැදිලි කිරීම තමන් ගේ වගකීමක් ලෙස සලකන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි කවිරත්න සඳහන් කරන්නී ය.
මන්ත්‍රිවරිය මේ බව සඳහන් කරන්නී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
කෙසේ වෙතත් යහපාලන රජය විසින් ආරම්භ කරන ලද මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් වත්මන් රජය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සතුටට කරුණක් බව ද මන්ත්‍රීවරිය සඳහන් කරන්නී ය.
මතු පළ වන්නේ රෝහිණී කවිරත්න මන්ත්‍රිවරිය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
පුවත්පත් නිවේදනය
මාතලේ දිස්ත්‍රික්කයට අදාළ අය වැය යෝජනා සම්බන්ධයෙනි
මෙවර අය වැය මගින් මාතලේ දිස්ත්‍රික්කය සෘජුව අදාලවන අය වැය යෝජනා සියල්ලම එක්සත් ජාතික පක්ෂය, යහපාලන රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘති මිස, නව යෝජනා නොවන බව පැහැදිලි කිරීම මාගේ වගකීමක් කොට සලකමි.
මාතලේ නගර ප්‍රවේශය සංවර්ධන වැඩසටහනට යටතේ මංතීරු 4 කින් යුතුව සංවර්ධන කිරීමට මුලින්ම යෝජනා කරනු ලැබූවේ 2016 වසරේ දී යහපාලන රජය විසිනි. 2016 වන විට ලංකාවේ වැඩිම වාර්ග සංවර්ධ ව්‍යාපෘති සඳහා වැඩිම මුදල් වැය කර තිබු දිස්ත්‍රික්ක අතරට මාතලේ ද වේ.
මාතලේ නගර සංවර්ධනය යෝජනාව යනු නගරයේ තියෙන කඩ ටික කඩා ඉවත් කර මාර්ගය පුළුල් කිරීම නොව, නගරයට පිටින් තදබදය නැති වෙන විදිහට විකල්ප මාර්ගයක් ද, ප්‍රවේශ මාර්ග 4 සංවර්ධනයත් වේ. 2018 දී නැවතත් මේ යෝජනාව ඉදිරිපත් විය.
ලග්ගල ආසනයේ මධ්‍යම රජයට අයත් මාර්ග සියල්ලම අපි ඒ වන විට මුදල් වෙන් කරලා ඉදිකිරීම් ආරම්භ කලෙමු. ඒ 9 මාර්ගයේ නාඋල කොටස වන්දි ලබාදීම තවමත් අවසන් කර නැත.
මෙවර අය වැය මගින් මාතලේ නගරයේ ප්‍රවේශ මාර්ග සඳහා අය වැයෙන් සොච්චම් මුදලක් වෙන් කර ඇත. එමගින් ක්‍රියාත්මක කරන්න යන්නේ මුල් යෝජනාව නොව, එයින් 1/6 කට අඩු කොටසක්. වෙන් කර ඇති සොච්චම් මුදලින් මාතලේ නගරයේ වටිනාම ගොඩනැගිලි වලින් 5% ටකවත් වන්දි ගෙවන්න හැකියාව ඇති දැයි සැක සහිතය.
යහපාලන රජය සමයේ සැලසුම් කළ මාතලේ නගර සංවර්ධන යෝජනාව, ප්‍රවේශ මාර්ග සංවර්ධන යෝජනාව මේ අය වැයෙන් මුදල් වෙන් කිරීම යහපත් කටයුතකි. නමුත් එහි මුල් යෝජනාව, විකල්ප මාර්ගය අතහැර දැමීම කිසි ලෙසකින් හෙයා් එකඟවිය නොහැකි තත්වයකි.
2019 අවසන් වන විට ලග්ගල ආසනයේ සියළුම ජාතික මහා මාර්ග (ඒ ශ්‍රේණිය ) කාපට් කර අවසන් කිරීමට මට හැකිවූ අතර 2020 දී එහි කටයුතු අවසන් විය.
තව ද, අය වැයට ඇතුළත් අනෙක් යෝජනාව වන කුරුණෑගල - දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගයට ඉඩම් අත්පත් කර ගැනීම ආරම්භ වූයේ ද, යහපාලන ආණ්ඩුව යටතේ බව සිහිපත් කරමි. කුරුණෑගල දඹුල්ල අධිවේග මාර්ග කොටස යෝජනා විධිමත්වන සකස් කිරීමට මුලික වූ මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නිහාල් සූරිආරච්චි මහතා මම ස්තුතිපූර්වක සිහි පත් කරමි.
එම්.සී.සී. ව්‍යාපෘතිය යටතේ මාතලේ මාර්ග ප්‍රශ්න සඳහා වැඩිම අරමුදල් වෙන් කර ගැනීමට මා විසින් යෝජනා රැසක් ඉදිරිපත් කරනු ලැබීය. එම්.සී.සී. ව්‍යාපාතිය රට බෙදන ඇමරිකන් කුමන්ත්‍රණයක් ලෙස සලකා එයට එදා රට තුල දැවැන්ත විරෝධයක් ගොඩනගනු ලැබීය. එම්.සී.සී. ගිවිසුම අතහැර දැමීම, මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට තිබූ අවස්ථාව අහිමි කිරීමක් විය.
අය වැය අනෙක් යෝජනාව වන, දඹුල්ල රෝහල් සංවර්ධන යෝජනාව ඉදිරිපත් වූයේ ද, යහපාලන සමයේ දී මය. එහි මුලික කටයුතු සියල්ල සිදු කලේ වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ය. ආණ්ඩු පක්ෂයේ සිටිය ද, විපක්ෂයේ සිටිය ද එයට කැපවූ ජනක තෙන්නකෝන් මැතිතුමා සිහිපත් කළ යුතුය.
දඹුල්ල රෝහලට වෙන්කර ඇති මුදලෙන් එනම් කෝටි 50 කින්, රෝහලක් තබා වාට්ටුවක්වත් ඉදිකළ නොහැකිය. දඹුල්ල දෙනියාය රෝහල් දෙකට වෙන් කර ඇති මුදල රු. කෝටි 100 ක සොච්චමකි.
2016 – 2019 සමයේ ලග්ගල අංග සම්පූර්ණ රෝහලක් ඉදිකර එයට අවශ්‍ය සියළු උපකාරන ලබාදීමට එවකට රජය පියවර ගත්තේය. එය මුලික රෝහලක් බවට පත් කිරීමට තීරණය විය. මෙයට මාස කිහිපයකට පෙර ගරු අමාත්‍යවරයා එහි ගොස්, ලග්ගල රෝහල ‘C’ ශ්‍රේණ්යට පහල දැමීමට තීරණය කර ඇත.
මධ්‍යම පළාත පුරා මේ වන විට විශාල ඖෂධ හිඟයක් පවතී. සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ රටේ රෝහල්වල ඖෂධ ලබාදීම බව අවධාරණය කළ යුතුය.
යහපාලන රජය විසින් ආරම්භ කළ මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් වත්මන් රජය විසින් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සතුටට කරුණකි.
(රෝහිණි කවිරත්න)
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

