ආවර්ජනා ගී මියැසිය 16 වෙනිදා අලව්වේ දී - ඇතුල්වීම නොමිලේ

ආවර්ජනා ගී මියැසිය 16 වෙනිදා අලව්වේ දී - ඇතුල්වීම නොමිලේ

ආවර්ජනා දිනන තරු ළමා සමාජයේ සියලු සාමාජිකයින් එකතුව සිදුකරන පැරණි ගී මතකක ආවර්ජනයක් මෙමස 16 වන දා අලව්ව ආලෝකා හෝටලයේදි නොමිලේ පැවැත්වේ.

මෙම සංගීත ප්‍රසංගය එදින පස්වරු 6.00 ආරම්භවේ.

දිනන තරු ළමා සමාජය තෙවන වරට සංවිධානය කරන මේ ප්‍රසංගය නැරඹීමට පැමිණෙන්නැයි සංවිධායක මණ්ඩලයේ සැමට ආරාධනා කරයි .

මෙම ප්‍රසංගය සඳහා සියලුම වියදම් දෙමව්පියන් හා අලව්ව ප්‍රදේශයේ වෙළද මහතුන් අනුග්‍රහය දක්වා ඇත.

ළමා සමාජයේ සංවිධායක නිර්වාන් සදකැළුම් කටයුතු කරන අතර ප්‍රසංගය පිළිබඳ අදහස් දක්වමින් මෙම විශේෂ අවස්ථාවට රංගන ශිල්පී සමන් ගුණවර්ධන ( කෝපි කඩේ බණ්ඩා), ගායන ශිල්පී බන්දුල විජේවීර, ප්‍රවීණ නර්තනාචාර්ය නිලාන් මලිගැස්ප, සිංහල ආචාර්ය ධනංජය ධර්මදාස, සන්නිවේදන හා මාධ්‍යය අධ්‍යයන ආචාර්ය පසිඳු හේෂාන්, විද්‍යා විෂය ආධ්‍යාපන ආචාර්ය අනුරාධ වීරසූරිය, කොරියානු ආචාර්ය සුජානි සේනානි, අලව්ව ප්‍රධාන පෙළේ පාසල් ගණනාවකින් ගුරුවරුන් සහ අලව්ව ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වන බව කීය.

(ජේ. මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න