විභාග මධ්‍යස්ථන තෙමහල් ගොඩනැගිල්ලෙන් සිසුවියක් වැටිලා

විභාග මධ්‍යස්ථන තෙමහල් ගොඩනැගිල්ලෙන් සිසුවියක් වැටිලා

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය කාන්තා විද්‍යාලයක සිසුවියක අද දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

එම අනතුරින් ඇයගේ පාද දෙකට තුවාල සිදුවී ඇයගේ දිවි බේරීම ආශ්චර්යයක් යැයි ඇසින් දුටුවන් පවසා ඇත.

එම සිසුවිය මෙවර උසස් පෙළ විභාගයට දෙවන වරපෙනී සිටින තැනැත්තියක බව අනාවරණය වී ඇත.

ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබාදීමට විනාඩි පහළොවකට පමණ පෙරදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

පහළට වැටුණු සිසුවිය පතිත වී ඇත්තේ කාපට් අතුරන ලද මාර්ගයකට බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය විභාගයට පෙනී සිටීමට යම් බියකින් පසු වීම නිසා ඉහළ මහළයෙන් පැන්නේ දැයි පොලිසිය සැකකරයි.

බරපතල තුවාල ලද 19 හැවිරිදි සිසුවිය මොරටුව පදිංචිකාරියකි.

(lankadeepa | ශ්‍යාමන් ජයසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න