ප්‍රසන්න රණතුංගව අත්අඩංගුවට - කෝටි හතරහමාරක කේස් එකක්!

ප්‍රසන්න රණතුංගව අත්අඩංගුවට - කෝටි හතරහමාරක කේස් එකක්!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු අද (12) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන්  හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

සැකකාර ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න