වතු සමාගම්වල සේවය කරන කම්කරුවන්ට පමණක් රජයේ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප්/දීමනා ලබාදීම සම්බන්ධයෙන් නිසි රාජ්‍ය මුල්‍ය හා පරිපාලන ක්‍රමවේදයක් සැකසීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තීණී රෝහිණී කවිරත්න විගණකාධිපති, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.
මන්ත්‍රීවරිය එම ආයතන මගින් ඉල්ලා ඇත්තේ ‘රු. මිලියන 5,000ක මුදලක් ඒකාබද්ධ අරමුදල් මගින් ලබාදීමේ යෝජනාව සාර්ථක කර ගැනීම සඳහා, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ නීතිමය හා පරිපාලනමය සාධාරණත්වය තහවුරු කිරීම සඳහා මැදිහත්වන ලෙස යි.
සියළු වතු සේවකයින්ට වැටුප් වැඩි කළ යුතුයි..
රෝහිණී කවිරත්න සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ, වතු කම්කරුවන්ට ජීවත්වීමට සරිලන වැටුපක් ලබාදීම ජාතික වගකීමක් බවත්, කම්කරු වැටුප රු. 1,550 ක් නොව, රු. 2,000 දක්වා වැඩි විය යුතු බවයි.
තව ද, මෙම වැටුප වතු සමාගම් හි රැකියා අහිමි පුද්ගලික අංශයේ කුඩා හා මධ්‍යම පරිමාණ වතුවල සේවය කරන වතු කම්කරුවන් 40,000 ට ආසන්න ප්‍රමාණයට ද සමාන වැටුපක් ලැබිය යුතු බවය.
‘මෙම අයවැය යෝජනාව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ ආධුනිකයෙකු වන වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අතින් සිදු වූ අත්වැරැද්දක්. භාණ්ඩාගාරයේ පළපුරුදු නිලධාරීන් අතින් මෙවැනි අත්වැරැද්දක් සිදු විය නොහැකියි. මීට පෙර ද අනීතික යෝජනා ඉදිරිපත් වී ඇතත්, ඒවා ක්‍රියාත්මක වීම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් විසින් වළක්වා ඇත. තවත් අතකින් මහා පරිමාණ වතු සමාගම් සේවකයින්ට පමණක් රජයෙන් වැටුප්/දීමනා ගෙවීම අනෙකුත් කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියන්ට ද, සේවකයින්ට ද ‘වෙනස් ලෙස සැලකීම’ ක් බව ද ඇය පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ අයවැය ප්‍රකාශනයේ අංක 14 යටතේ “වතු කම්කරුවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම” සඳහා මුදල් අමාත්‍යාංශය සහ අයවැය අධ්‍යක්ෂ ජනරාල් විසින් රු. මිලියන 5,000ක යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ප්‍රධාන වතු සමාගම් හි සේවය කරන කම්කරුවන්ගේ ශ්‍රමය වෙනුවෙන් පමණක් භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් යෙදවීමට එමගින් යෝජනා කර ඇත.
තවද, අප පාර්ලිමේන්තුව විසින් සම්මත කර දැනට ව්‍යවහාරයේ පවතින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත” මගින් මෙම වගකීම සම්පූර්ණයෙන්ම “අයවැය අධ්‍යක්ෂ ජනරාල්” වෙත පැවරෙන බවය. මෙය ක්‍රියාත්මකව වන්නේ නම්, රජයේ තීරණ ක්‍රියාත්මක කිරීම නිසා හර්ෂ ඉළුක්පිටිය, චරිත රත්වත්තේ, ප්‍රධාන ලේකම් ගම්මන්පිල, බන්ධනාගාර කොමසාරිස් ඇතුළු බලවත් රාජ්‍ය සේවකයින් අත්අඩංගුවට පත් වූ ලෙසම, අය වැය අධ්‍යක්ෂවරයා ද හිරේ යා හැකි බවයි.
රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් යම් වරදක් සිදු වූ විට රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත්, පසුව අපරාධ චෝදනා ගොනු කිරීමත් අද පවතින ව්‍යවහාරයයි. එය වෙනුවට, රාජ්‍ය නිලධාරියෙකු/ නිලධාරීන්/ අමාත්‍ය මණ්ඩලය/කැබිනට් මණ්ඩලය අතින් ක්‍රමවේදයේ වරදක් සිදු වන බව නිරීක්ෂණය වන්නේ නම්, එය වළක්වාලීම/නිවැරදි කර ගැනීමට උපකාරවීමේ ආයතනික වගකීමක් ඔබ ආයතනයට පැවරෙන බව ද කවිරත්න යොමු කළ ලිපියේ දැක්වේ.
‘වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව ත් , එය රජයේ මූල්‍ය හා පරිපාලන රෙගුලාසි අනුකූලව සිදු කිරීම ද අත්‍යවශ්‍යය බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය, වැවිලි සමාගම්හි සේවකයින්ට පමණක් රජයේ “ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප්/දීමනා” ගෙවීම සම්බන්ධයෙන් ඔබගේ නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශය සහ එහි නෛතික වගකීම දරණ අයවැය දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස සිය ලිපිය මගින් ඉල්ලා සිටී.

