'බැදුම්කර හොරා මා නොවේ' - රවි කියයි (වීඩියෝ)

'බැදුම්කර හොරා මා නොවේ' - රවි කියයි (වීඩියෝ)

තමන් මුදල් ඇමති ලෙස කටයුතු කලත් මහ බැංකුව රාජ්‍ය බැංකු කිසිවක් මුදල් අමාත්‍යංශය යටතේ පාලනය නොවූ බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

එවන් තත්වයකදී එම ආයතනවල තීන්දු තීරණ සම්බන්දයෙන් තමන් වගකිව යුතු නැති බවද හිටපු ඇමතිවරයා කියා සිටී.

lankanewsweek.com වෙබ් අඩවියේ කර්තෘ සුජිත් මංගල ද සිල්වා සමග කල සාකච්ජාවක දී ඔහු එබව පවසා සිටියේය.

සත්‍ය කුමක්දැයි ඉදිරියේදී ජනතාව තේරුම් ගනු ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.

 ජනතාව දවසක ඇත්ත තේරුම් ගනීවි:

 ''මං වරදක් කරලා නෑ. ජනතාව දවසක ඇත්ත තේරුම් ගනීවි. එදාට ජනතාව යලිත් මා සමඟ එක් වේවි. කවදාවත් ඇත්ත වසන් කරන්නට බෑ.

මම කුඩා කල සිට සමාජසේවා කටයුතුවල නිරත වෙනවා. බලය තිබුණත් නැතත් මම ඒ කටයුතු නතර කරන්නේ නෑ. ජනතා මෙහෙවර මම නතර කරන්නේ නෑ.

සමාජ සේවා කටයුතු සිදු කරන කොට පක්ෂ විපක්ෂ සතුරන් තියෙනවා. ඒ සතුරුකම්වලට මුහුණ දෙන්න අපට ශක්තිය තිබෙනවා'' යැයි ද හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු කිසිවක් තමන් යටතේ නොතිබූ නිසා බැදුම්කර නිකුතුවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව රවී කරුණානායක මහතා මීට පෙර වතාවකද සදහන් කර තිබිණ.

වීඩියෝ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න