මෙවර අයවැයෙන් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ගෙන ආ යෝජනා සම්බන්ධයෙන් රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව සතුටු වනවා.
නමුත් තවත් කළ යුතු දේ තිබෙනවා.
රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ . එල් උදයසිරි කියයි.
මෙවර අයවැයෙන් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ගෙන ආ යෝජනා සම්බන්ධයෙන් රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව සතුටු වන නමුත් තවත් කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කිපයක් තිබෙන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ . එල් උදයසිරි ප්‍රකාශ කළේය.
රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (12) කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා,
අයවැය කාරක සභාවේදී මේ ගැන අවධානය යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
විශ්‍රාම වැටුප පෙර පරිදිම ලබාගන්න පුළුවන්. රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති තින්දු පහලට ක්‍රියාත්මක වෙන්නෙ මේ නිලධාරින් හරහා. මේ අයවැය වසරක කාලයක් අධ්‍යනය කරලා එළි දක්වපු අයවැයක්. පහුගිය කාලේ එක තැනකින් තින්දු අරගෙන ක්‍රියාත්මක නොකිරිම නිසා විවිධ අර්බුද ඇතිවුනා.
රට වැටුන ඕනම අවස්ථාවක නැවත ඉක්මනින් ස්ථාවර වෙන්නේ මේ රාජ්‍ය නිලධාරින් නිසා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන වෙන්න ඕනා .ඒකට පළපුරුදු අය ඒ තැන් වල ඉන්න ඕන. ඒ නිසා ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අපි යොජනා කරා.
රැකියා සදහා බදවාගැනිම් මොන ආකාරයෙන්ද කියලා තිරණය කලේ කළමනාකරණ ආයතනය. නමුත් ඒකට සුදුසු නිලධාරින් නෑ. ඒ ගැනත් අපි යෝජනා ගෙනාවා
නමුත් ඒ යෝජනා ගැන සාකච්ඡා වේලා නෑ. අපි බලාපොරොත්තුවෙනවා අයවැය කාරක සභාවේදි මේ ගැන සලකා බලයි කියලා.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයක් තියනවා යහපාලන කාලයේ වැටුප් එකාධිකාරිව වැඩි කරපු නිසා විධායක නිලධාරින්ට වැටුප් විෂමතාවයක් මතුවුනා.
අපි යෝජනා කරා මේ සම්බන්ධව සලකා බලන්න යෝජනාවලියක් රජය එය පිළිඅරගෙන තියනවා .ඒ අනුව වැටුප් කොමිෂන් සභාවක් පිහිටුවලා තියනවා .ඒ ගැන අපි සතුටුයි.
විශාම වැටුප් පෙර පරිදි දෙන්න කියලා අපි යෝජනා කරා. රජය එය පිළිඅරන් තියනවා .ඒ බධා ඉවත්කරලා තියනවා. දැන් 2016 ඉදන් නැවත විශ්‍රාම වැටුප ලැබෙනවා .
නිවාස හිමිකමක් වෙනුවෙන් නිවාස ණයක් ලබාගැනිමට රජය සහන දායි ණය ක්‍රමයක් හදුන්වා දිලා තියනවා .එයත් ඉතා හොද යෝජනාවක්.
අපිට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවිම් අවශ්‍යයි. ඒ සදහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණු කිරිම් ඇකඩමියක් ආරම්භ කරන්න කියලා අපි යෝජනා කරා. එක අයවැය කාරක සභාවේදි සකච්ඡා වෙයි කියලා අපි හිතනවා.
රාජ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් අපි ඉල්ලුවා .ඒ ගැන සකච්ඡා කරලා නෑ.
රාජ්‍ය සේවයේ ප්‍රවාහනය වෙනුවෙන් වාහන අලුත්වැඩියාවට ගිය වසරේ මිලියන 25 ක් වැය කරලා තියනවා කියලා ජනාධිපතිතුමා කිව්වා.
ඒ නිසා ප්‍රවාහන දිමනාවක් අපි ඉල්ලුම් කරා. එතකොට මෙතරම් වියදමක් රජය දරන්න ඔනෙ නෑ. නමුත් ඒක සාකච්ඡා වෙලා නෑ.
වාහන පොමිට් සංස්කෘතිය නැතිකරන්න අවශ්‍යයි කියා ජනාධිපතිතුමා කිව්වා. ඒ නිසා විධායක ශ්‍රේණියේ නිලධාරින් කනස්සල්ලෙන් ඉන්නෙ.
හැම රාජ්‍ය සේවකයන්ම හොරකම් කරන්නෙ දූෂණය කරන්නෙ නෑ ඒ නිසා සමස්ත රාජ්‍ය සේවකයාටම චෝදනා එල්ල කරන්න එපා යැයිද වැඩිදුරටත් සභාපතිවරයා කියා සිටියේය.
ජේ.මුණසිංහ

