ලොව ඉහළ ධනවතුන් පාරිභෝජනයට ගන්නා රුපියල් දසදහසකට අධික මිලක් වන පෝෂ්‍යදායි කලු සහල් (Black Rice) මෙරට ගොවි ජනතාවට හඳුන්වා දීම කළ යුතු බව පරිසර හිතකාමි පොහොර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චමින්ද හෙට්ටිකංකානම්ගේ කියයි.
සහල් කිලෝවක් රුපියල් දස දහසක් තරම් වන ලොව ඉහළ ධනවතුන් පාරිභෝජනයට ගන්නා පෝෂ්‍යදායි කලු සහල් (Black Rice) මෙරට ගොවි ජනතාවට හඳුන්වා දී ඒවා වගාවට ඔවුන් දිරිමත් කළ යුතු බවද පැහැදිළි කළ හෙට්ටිකංකානම්ගේ, ගොවියන්ගේ දුප්පත්කම දුරුකර සමාජ, ආර්ථික තත්ත්වයන් ඉහළ නැංවිම රජයේ අරමුණ බවත් එය ජය ගැනීමට යෝජනාවලට සීමා නොවී ක්‍රියාකාරී වැඩ සැලැස්මක් ඔස්සේ මෙරට ජාතික කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම, පශු සම්පත්, වාරි මාර්ග, ධිවර අංශ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 13750 කට අධික මුදලක් දළ වශයෙන් වෙන් කර තිබිම අගය කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
''ගොවියා නවින තාක්ෂණය භාවිතා කරන කෘෂි ව්‍යවසායකයෙකු බවට පත් කිරිමට අයවැයෙන් උත්සහ දරා තියනවා''
ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන දහසක් අයවැයෙන් වෙන් කොට ඇති අතර, කිරි නිෂ්පාදනයට මිලියන දහසක්, බඩල්ගම කිරි කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් සඳහා රුපියල් මිලියන තුන්දහසක්, සහ කුඩා පරිමාණ පොල් වගා කරුවන් සඳහා සහන ලබා දීමට රුපියල් මිලියන දෙදහස් පන්සීයක් ආදි වශයෙන් මෙරට කෘෂිකර්ම අංශයේ දියුණුවට මුදල් වෙන් කොට ඇතැයි කී හෙට්ටිකංකානම්ගේ, ශ්‍රී ලාංකික ගොවියා නවින තාක්ෂණය භාවිතා කරන කෘෂි ව්‍යවසායකයෙකු බවට පත් කිරිමට අයවැයෙන් උත්සහ දරා ඇතැයිද කීය.
දුප්පත්කමෙන් මිදුණු කෘෂි ව්‍යවසායකයෙකු ගොඩනැගීමේදී නවින තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ, ඉහළ අස්වනු ලබා ගත හැකි බිජ වර්ග, පරිසර හිතකාමී බැර ලෝහ වලින් තොර පොහොර භාවිතා කළ යුතුයි.
එම පොහොර නිෂ්පාදනය කරන තම නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දුන් පරිදි ලෝකයේ ඉහළම මිලක් ලැබෙන සහල් වර්ග වැඩි වශයෙන් මෙරට ගොවි ජනතාව අතර ප්‍රචලිත කොට ඔවුන්ගේ කුඹුරු වලින් අස්වැන්න ලෙස ලබා ගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මෙරට ජනප්‍රියතම ගොවි පොහොර නිෂ්පාදනය සඳහා වන Golden feather international aword සම්මානය දිනා ගත් S A S plantation සමාගමේ සභාපතිවරයා ලෙස තමා රජය ගොවි ජනතාවට මෙවර අයවැයෙන් ලබාදුන් සහනයන් පිළිබඳව සතුට පළකරන බවද ඔහු කීය.
වසර 2030-2035 වන විට බයෝ පොලිමර් තාක්ෂණය ඔස්සේ නිපදවු පරිසර හිතකාමි පොහොර භාවිතා කොට ගොවිතැන නව තලයකට ගෙන යා යුතු බවත් ඒ සඳහා වන පෙළෙඹුම ලබා ගනිමින් තමන් දැනටමත් පරිසර හිතකාමි වර්ධක පොහොර නිෂ්පාදනය කරන බවත් ඔහු සඳහන් කළේය.
අයවැයෙන් එවැනි නිෂ්පාදන වැඩි වශයෙන් ගොවි ජනතාවට ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා නිර්මාණය කර දී ඇතැයි ද ලේකම්වරයා කීය.
(ජේ.මුණසිංහ)


