බේරේ වැව සුද්ද කරන්න රොබෝ තාක්ෂණය

බේරේ වැව සුද්ද කරන්න රොබෝ තාක්ෂණය

රෝබෝ තාක්ෂණය සහ 5 ජී තාක්ෂණය යොදාගෙන කොළඹ බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක් ඊයේ ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

පරිසර අමාත්‍යාංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ඩයලොග් සමාගම එක්ව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේදී ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රයක් දිවා රාත්‍රී පැය නවයක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරයි.

ජලය මත පාවෙන අපද්‍රව්‍ය කිලෝ පනහක් පමණ මේ කාලයේදී ඉවත් කළ හැකි බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

(සුජිත් හේවාජුලිගේ - lankadeepa)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න