ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 4කින් අද පරාජයට පත්විය.
ඒ, එහි විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් එක්ව අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන් පසුබිමකයි.
ජාතික ජන බලවේගයට බහුතර බලය හිමිවූ කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ 2026 සඳහා වන අයවැය ඡන්ද විමසීම අද (11) පැවැත්විණ.
එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් 10 දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
ඒ අනුව එම අයවැය ලේඛනය වැඩි ඡන්ද 4කින් අද පරාජයට පත්විය.
කොටගල සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි
මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ පාලන බලය හිමි කොටගල ප්‍රාදේශීය සභාවේ 2026 වසරට අදාල අයවැය ලේඛනය සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික කැමැත්ත මත සභා සම්මත විය.
කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමනී ප්‍රසාද් විසින් 2026 වසර සඳහා වන අයවැය යෝජනා ඇතුළත් ලේඛනය ඉදිරිපත් කරන ලද අතර, එහිදී සභාව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 16 දෙනාම ඊට පක්ෂය ඡන්දය ලබාදීම විශේෂ සිදුවීමක් විය.
ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රිවරුන් පහක්, ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පහක්, සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් හතරක් සහ ස්වාධීන මන්ත්‍රීවරු දෙනෙකු වශයෙන් මන්ත්‍රීවරු 16කු කොටගල ප්‍රාදේශීය සභාව නියෝජනය කරනු ලබයි.

