'හෙනා සිත්තරිය ලක්ෂ්මි' හමුවන්න; 15වනදා ගම්පහ ආසියානු නිවසට එන්න

'හෙනා සිත්තරිය ලක්ෂ්මි' හමුවන්න; 15වනදා ගම්පහ ආසියානු නිවසට එන්න

සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ සේනානි ධර්මරත්න සිංහලයට නැගූ ඉන්දියානු-අමෙරිකානු ලේඛිකා අල්කා ජෝෂිගේ The Henna Artist 'හෙනා සිත්තරිය ලක්ෂ්මි' කෘතිය පිළිබඳ සහෘද කතාබහට යි.


නොවැම්බර් 15 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

මෙම කෘතිය පිළිබඳ කතාබහේදී හෂිත අබේවර්ධන, සුනන්දා රණසිංහ සහ මයුරි ලියනගේ ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිත ය.

මෙවර පැවැත්වෙන 87වන සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ ගීතිකා මද්දුමා ගේ විසිනි.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'හෙනා සිත්තරිය ලක්ෂ්මි' කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.

'හෙනා සිත්තරිය ලක්ෂ්මි' කෘතිය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා...!

එදිනට විශේෂ වට්ටමක් සහිතව 'හෙනා සිත්තරිය ලක්ෂ්මි' කෘතිය මිලදී ගන්නත් ඔබට හැකියි.

එහෙනම්, නොවැම්බර් 15වන සෙනසුරාදා හමුවෙමු.

The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ. එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!

තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

579931798 122215516544098313 1396414778596814194 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න