ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි- නාමල් රාජපක්ෂ

ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි- නාමල් රාජපක්ෂ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නාමල් රාජපක්ෂ තව දුරටත් පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවය.

අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අප විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

තවද, එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, “රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇතැයි  නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති අතර, තවත් පක්ෂවල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න