2026 වර්ෂය යෝජිත අයවැය තුළින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට අගතියක් සිදු වෙලා - GMOA

2026 වර්ෂය යෝජිත අයවැය තුළින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට අගතියක් සිදු වෙලා - GMOA

2026 වර්ෂයට යෝජිත අය වැය ප්‍රකාශ කිරීමත් සමග ම ශ්‍රී ලාංකීය  සෞඛ්‍ය සේවාව කබලෙන් ලිපට “තල්ලු” කිරීමට යන ආකාරයක් දක්නට තිබෙන බවත්, මෙම අයවැය යෝජනා තුළින් සෞඛ්‍ය සේවාව තුළ ඇති ප්‍රධානතම ගැටලු කිසිවක් ප්‍රමුඛතාවට අනුව හඳුනාගන්නට රජය අපොහොසත් වී ඇති බව දක්නට ලැබීමත් ඉතා කනගාටුදායක සිදු වීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

එම සංගමය මේ බව සඳහන් කරන්නේ 2026 වර්ෂය යෝජිත අයවැය තුළින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට සිදු වී ඇති අගතිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ සහ තීරණ ගැනීමේ දිගුවක් ලෙස රට පුරා සිටින විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට කැඳවීම පිලිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුතු එම මාධ්‍ය නිවේදනයට අනුව එළඹෙන සිකුරාදා (14) දින දිවයින පුරා සිටින සියලු විශේෂඥ වෛද්‍යවරුන් කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුලස්ථානයට කැඳවීමට තීරණය කර ඇති අතර එහි දී ඔවුන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධවත්, එම ගැටලු සඳහා සාධනීය විසඳුම් නොලැබෙන්නේ නම් සේවා පවත්වාගෙන යෑම පිළිබඳව සහ ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා බලපාන තින්දු තීරණ රැසක් සාකච්ඡා වීමට නියමිත ය.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය යි.



gmoa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න