පාර්ලිමේන්තුවට අභියෝග කරන්න පුළුවන් ජගතෙක් පිටත නැහැ - ඇමති බිමල්

පාර්ලිමේන්තුවට අභියෝග කරන්න පුළුවන් ජගතෙක් පිටත නැහැ - ඇමති බිමල්

පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි කිසිදු අයෙකු ඉන් පිටත නැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර එම කමිටුවට කළ අපහාසයක් සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක,

කෝප් කමිටුවට පාර්ලිමේන්තුවට අවමන් කරපු පුද්ගලයෙකු ගැන මුලින් සඳහන් වුණා.

ඔබතුමා ඒ සම්බන්ධයෙන් වැඩි බරකින් කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ ජනතා ඡන්දයෙන් පත්වුණු දෙයක්. මෙතන 225ම මිනිසුන්ට වග කියන අය. ඒකට අභියෝග කරන්න පුළුවන් බලවතෙක් එළියේ නැහැ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,

එම කාරණය ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නවා





Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න