බුද්ධි අංශ අනාවරණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

බුද්ධි අංශ අනාවරණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

මීට පෙර මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී තමාට අනාවරණ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

අද (13) කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම පුරෝකථනය කළ හැකි ආර්ථිකයක් වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඔහු සඳහන් කළේ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ නංවා ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බවය.

ජනතා විමුක්ති පෙරමුණේ 36වැනි ඉල්මහා විරු සමරුව එම පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු එම පක්ෂයේ මියගිය පිරිස සිහිගන්වමින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.

(adaderana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න