NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක් නොමිලේ

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක් නොමිලේ

විරැකියාවෙන් පෙළෙන වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට ජීවිතය ජය ගැනීමට නොමිලේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක් ( NVQ3 මට්ටමේ) ළගදීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි 'පිරිපුන්' සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ කියයි.

ඒ සඳහා වන පාඨමාලාව ලබන ජනවාරි මස ආරම්භ කෙරෙන අතර එයට කැමැති තරුණ තරුණියන්ගේ තොරතුරු ලබා ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

කුඩා හෝ මධ්‍යම හෝ මහ පරිමාණ ව්‍යාපාරිකයින්ට හෝ සුලුවෙන් හෝ නිවසක අදාළ කටයුත්තක් කරගැනීමට අවශ්‍ය කරන තාක්ෂණික ශිල්පීන්ගේ අතිශයින් හිඟයක් පවතී.

මෙයට පිළියම් ලෙස නව පාඨමාලාව ආරම්භ කිරීමට තම සංවිධානය , වෙන්ඩෝල් ලංකා පුද්ගලික සමාගම සමග ඒකාබද්ධව නව වැඩසටහන සංවිධානය කළ බව දේවසිංහ කීය.

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට අවස්ථාව

සියලු තරුණ තරුණයින් අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ත්‍රිවීල් රථයක් හා ස්මාට් ජංගම දුරකථනයක් ලබාගෙන ඉතා ඉක්මනින් සල්ලි හොයන ක්‍රම වෙත යොමුවී ඇති අතර ඒවා නීතිවිරොධි කටයුතු දක්වා වර්ධනය වන අතර එසේ නොමැති තරුණ පිරිස් මතට හුරුවී ඇත.

මාතලේදී ජනවාරි සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති මෙම වැඩසටහන, ආහාර පාන, නවාතැන් සමග සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වේ.

මාස 6ක පුහුණුවකින් පසු ඉතාමත් නවීන ක්‍රම හා පිරිපුන් ආකල්ප වලින් සපිරි ලෝකයේ ඕනෑම තැනක ජයගත හැකි SMART WELDER කෙනෙක් නිර්මාණය කිරීමට මෙම වැඩසටහන තුළින් සැළසුම් කර ඇත.

(ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න