දොඩංගොඩ සහ නාවුල අයවැයත් පරාදයි !

දොඩංගොඩ සහ නාවුල අයවැයත් පරාදයි !

දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට සභාපතිවරයා ඉදිරිපත් කළ මංගල අයවැය වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය.

දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න ද සිල්වා මහතා මංගල අයවැය මාසික සභා රැස්වීමට සභාවට ඉදිරිපත් කළේය.

එම අයවැයට පක්ෂව දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය හිමි ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරුන් 12 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර එම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ, ස්වාධීන කණ්ඩායම, ජාතික නිදහස් පෙරමුණ, සර්වජන බලය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

නාවුල අයවැයත් පරදී

මේ අතර ජාතික ජනබලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2026 වසරට යෝජිත අයවැය කෙටුම්පත වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය.

මුළු සභික සංඛ්‍යාව 18 ක් වන නාඋල ප්‍රාදේශිය සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය විසින් හිමිකරගන්නා ලදි.

සභිත ධුර 09ක් පාලක පක්ෂයටත් සභික ධුර 09 ක් විපක්ෂයටත් හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ අද (13) පැවැති මහ සභා රැස්වීම සදහා විපක්ෂය නියෝජනය කරමින් සභිකයන් නව දෙනෙකු සහභාගී වී සිටි අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අද පැමිණ සිටියේ සභිකයන් හත් දෙනකු පමණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න