ජනතාවගේ හිසමත බරපටවා අසීමිත පීඩනයක් ඇති කර අයි. එම්. එෆ්. කොන්දේසිවලට එහා ගොස් ජනතාවගේ අරමුදල් සූරා කෑ අයවැයක් ලෙස මෙම අයවැය දකින එයට එයට විරුද්ධ වූයේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ අයවැය දෙවැනි වර කියවීමට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ජන පීඩිත අයවැයක්
දුප්පත්කම තුරන් කරන්න වැඩපිළිවෙලක් නොමැති වීම වගේ ම තරුණ තරුණියන් ගේ ව්‍යවසායකත්ව දියුණු කරන වැඩපිළිවෙලක් සහ අපනයන කේන්ද්‍රීය වැඩපිළිවෙළක් ද මෙම අයවැය තුළ නැහැ. සෘජු විදේශ ආයෝජන ගෙන්වන වැඩපිළිවෙලක් කර්මාන්ත කෘෂි හා සේවා ක්ෂේත්‍ර ශක්තිමත් කර ඩොලර් උත්පාදනය කරන වැඩපිළිවෙළක් මේ අයවැය තුළ නැහැ. එසේම මේ අයවැය නිසා ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙනවා. මෙය ජන පීඩිත අයවැයක් ලෙස හැඳින්විය හැකි යි.

