“නිර්මාණ යාත්‍රා” සාහිත්‍ය නිර්මාණ තරගය- 2025

“නිර්මාණ යාත්‍රා” සාහිත්‍ය නිර්මාණ තරගය- 2025

ලාංකික සාහිත්‍යයේ පෝෂණයට දායක විය හැකි ලේඛක පරපුරක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග එක්ව “නිර්මාණ යාත්‍රා” නමින් සාහිත්‍ය නිර්මාණ තරගයක් පැවැත්වීමට පියවර ගෙන ඇත.

මෙම තරගයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය. මේ සඳහා ඉදිරිපත් කළ හැක්කේ කාව්‍ය සහ කෙටිකතා නිර්මාණ පමණි. නිර්මාණ සඳහා ගත්වහර මෙන්ම කටවහරද යොදාගත හැකි ය.


කාව්‍ය නිර්මාණ අංශය:


එක් නිර්මාණකරුවකුට භාෂා මාධ්‍ය තුනෙන් ම සඳැස් හෝ නිසඳැස් ආරෙන් එක නිර්මාණය බැගින් ඉදිරිපත් කළ හැකි ය. කවර ආරකින් රචනා කළ ද එක් කාව්‍ය රචනයක් A4 පිටු 2 නොඉක්මවිය යුතු ය.


කෙටිකතා නිර්මාණ අංශය :


එක් නිර්මාණකරුවකුට භාෂා මාධ්‍ය තුනෙන් ම එක නිර්මාණය බැගින් ඉදිරිපත් කළ හැකි ය. කෙටිකතාවක් වචන 3000 සීමාව නොඉක්මවිය යුතු ය.


පොදු තරග කොන්දේසි :


මෙය නවක ලේඛක ලේඛිකාවන් සඳහා පවත්වන තරගයකි. ජාතික මට්ටමේ සාහිත්‍ය තරගයකින් සම්මාන දිනාගත් සහ සාහිත්‍ය කෘති තුනකට වැඩි සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති ලේඛක ලේඛිකාවන්ට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ නොහැකි ය.

තමන්ගේ නිර්මාණය A4 කඩදාසියේ තනි පැත්තේ පැහැදිලි අත් අකුරින් ලියා හෝ පරිගණක අක්ෂර භාවිතයෙන් මුද්‍රණය කර හෝ ඉදිරිපත් කළ යුතු ය.

ඔබේ නිර්මාණය සඳහා එක් පිටුවකට වැඩි පිටු සංඛාවක් ඇති විටක එම පිටු අංකනය කර ඉදිරිපත් කළ යුතු ය.

නිර්මාණ ඉදිරිපත් කිරීමේ දී ඒවා පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අතින් ගෙනැවිත් භාර දිමට හෝ පුළුවන.

අප වෙත යොමු කරන නිර්මාණයේ පිටපතක් ඔබ සන්තකයේ තබා ගැනීම වැදගත් වන බව සැලකුව මනා ය. එම නිර්මාණ ආපසු ලබා දීමට රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය බැඳී නොසිටී.

ඔබ විසින් ඉදරිපත් කරන ලද නිර්මාණය ස්වීය නිර්මාණයක් විය යුතු ය. මීට පෙර මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් ව ඇති බව හෝ, එය වෙනත් අයකුගේ නිර්මාණයකින් උපුටා ගත් නිර්මාණ කොටස් ඇතුළත් ව ඇති බව හෝ එය වෙනත් අයකුගේ නිර්මාණයක් ඍජුව හෝ අනුවර්තිතව ඉදිරිපත් කර ඇති බව හෝ සනාථ වුවහොත් තරගයේ ජයක් ලැබුණ ද එය අවලංගු කෙරෙන බව සැලකුව මනා ය. මින් පෙර මේ ආකාරයේ තරගවලට ඉදිරිපත් කර ජයග්‍රහණය ලබා ඇති නිර්මාණ මේ තරගය සඳහා වලංගු නොවේ. දිගින් දිගට ම මෙවැනි තරග සඳහා යොමු කරන එකම නිර්මාණ ද ඉදිරිපත් නොකරන්න.

නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2025 නොවැම්බර් මස 30 දින ය.


සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙතින් ඔබගේ නිර්මාණ සමීක්ෂණය කෙරෙන අතර ජයග්‍රහාකයන් හට සම්මාන, ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම 2025 දෙසැම්බර් මාසයේ දී සිදු කෙරෙනු ඇත.


ඔබ විසින් ම පිළියෙල කරගත යුතු අයදුම් පත්‍රයට ඇතුළත් විය යුතු මූලික දත්ත:


* අයදුම්කරුගේ නම...
* නිර්මාණයේ නාමය....
* ඇතුළත් පිටු සංඛ්‍යාව...
* ස්ථීර ලිපිනය...
* දුරකතන හා වට්ස්ඇප් අංක...
* විද්‍යුත් තැපැල් ලිපිනය...සහ
* ඉදිරිපත් කරන්නේ තමන්ගේම නිර්මාණයක් බවට ඔබ විසින්ම ලබා දෙනු ලබන තහවුරුව.



2025 නොවැම්බර් මස 30 දිනට පෙර -ඔබේ නිර්මාණ, ඉදිරිපත් කළ යුතු ලිපිනය :


ලේකම්
(සාහිත්‍ය නිර්මාණ තරගය-2025)
ශ්‍රී ලංකා කලා මණ්ඩලය
දෙවන අදියර
(4වන මහල)
සෙත්සිරිපාය
බත්තරමුල්ල


වැඩි විස්තර,


සිංහල මාධ්‍යය
කමල් පෙරේරා - 077 365 5151/ 071 8670 913 (සභාපති, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය)

ඉංග්‍රීසි මාධ්‍යය
දේ.වි.ගාල්ලගේ- 071 576 6355
(සාමාජික-රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය)

දෙමළ මාධ්‍යය
එස්. මුරලිදරන්- 071 209 4209 (සාමාජික- රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය)

 

 

581940462 823252800333857 5563104789248880720 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න