ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 2026 'ස්වර්ණ පුස්තක' සහ 'රජත පුස්තක' සම්මාන සඳහා කෘති භාර ගැනීම මේ වන විට අරඹා ඇති බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සඳහන් කරයි.
මෙම සම්මානය සඳහා: ශ්‍රී ලාංකිකයකු විසින් රචිත, පළමු වරට සිංහලෙන් ලියා 2025 වසර තුළ ලියාපදිංචි ප්‍රකාශන ආයතනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කරන ලද: නවකතා, කෙටිකතා, කවි සහ යොවුන් නවකතා භාර ගැනේ.
මෙවර කෘති ඇගයීම කල් වේලා ඇතිව අරඹන බැවින් කෘති බාර ගැනීම අදියර දෙකකින් පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව 2025 ඔක්තෝබර් 30වන දින දක්වා ප්‍රකාශිත කෘති 2025 නොවැම්බර් 30වන දිනට පෙරත්, 2025 දෙසැම්බර් 31වන දා දක්වා ප්‍රකාශයට පත් කළ කෘති 2026 ජනවාරි 10වන දින හෝ ඊට පෙරත්: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය, අංක 83, පාර්ලිමේන්තු පාර, බත්තරමුල්ල යන ස්ථානයෙහි පිහිටි ප්‍රධාන කාර්යාලයට බාර දෙන්නැයි එම සංගමය සඳහන් කරයි.
සම්මාන සහ ත්‍යාග පිළිබඳ විස්තර
* ස්වර්ණ පුස්තක සම්මාන ලාභියාට හෝ ලාභිනියට සම්මානය සමග රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගයක්
* රජත පුස්තක සම්මාන ලාභියාට හෝ ලාභිනියට සම්මානය සමග රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගයක්
* අවසාන වටයට නිර්දේශිත 'ස්වර්ණ පුස්තක' ග්‍රන්ථ පහේ කතුවර කතුවරියන්ට රුපියල් ලක්ෂයක මුදලක්
* අවසාන වටයට නිර්දේශිත 'රජත පුස්තක' ග්‍රන්ථ හතරෙහි කතුවර කතුවරියන්ට රුපියල් පනස් දහසක මුදලක් යනාදි ලෙස ප්‍රදානය කෙරේ.
අයදුම් පත් www.bookpublishers.lk වෙබ් අඩවියෙන් ද ලබාගත හැකි ය.
වැඩි විස්තර සහ නිල අයදුම්පත් සඳහා: 0701304954 හෝ 0112785480 අමතන ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය සඳහන් කරයි.
(සටහන - ජයසිරි අලවත්ත)


