වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2,183ක්

වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2,183ක්

2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික කාන්තා කමිටුවේ 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය හරහා මෙම පැමිණිලි ලැබී තිබේ.

ඒ අතුරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලෙස වාර්තා වනුයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගණයේ වන අතර ඒ පැමිණිලි සංඛ්‍යාව 1,488 ක් ලෙසිනි.

මීට අමතරව සයිබර් අපරාධ ගණයේ පැමිණිලි 234 ක් වාර්තා වී ඇති අතර දූෂණය පිළිබඳව පැමිණිලි ද 7ක් පමණ වාර්තා වී ඇත.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික කාන්තා කමිටුව විසින් රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වයද සමගින් පැය 24 පුරාම ත්‍රෛයිභාෂාවෙන්ම ක්‍රියාත්මක 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය වැඩිදියුණු කිරීම සහ ප්‍රවර්ධනය මේ වන විටත් ආරම්භ කර ඇති අතර දැනුම්වත් කිරීම හරහා වාර්තා කිරීමට දිරිමත් කිරීමත් ඒ හරහා ලිංගික සහ ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමත් අරමුණයි.

ඊට අමතරව එළැඹෙන නොවැම්බර් 25 ට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්ව තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ඇරඹෙන ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 වැඩපිළිවෙළ ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, දෙසැම්බර් මස 10 වන දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයෙන් අවසන් වන මෙම දින 16 තුළ ද කාන්තාවන් දැනුවත් කිරීම සහ තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 


(adaderana)


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න