ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට සාධාරණය ඉටු කරන්න - සජිත් ප්‍රේමදාස

ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට සාධාරණය ඉටු කරන්න - සජිත් ප්‍රේමදාස

අගමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ වන විට රට තුළ උපාධි රැකියා 50000ක පමණ පවතින ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට නිසි සාධාරණය ඉටු විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් හමු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

''වත්මන් රජය විසින් මැතිවරණ සමයේ විවිධ පොරොන්දු ලබා දී රැකියා විරහිත උපාධිධාරීන් සහ ගුරු සංවර්ධන නිලධාරීන් රවටා ඡන්දය ලබා ගෙන බලයට පැමිණ දැන් ඔවුන්ට දෙනවා කියන රස්සා පවා නොදෙන තැනට පත්වෙලා. අගමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ වන විට රට තුළ උපාධි රැකියා 50000ක පමණ ඇබැර්තු තිබෙනවා. එම නිසා සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට නිසි සාධාරණය ඉටු විය යුතු යි.

වත්මන් රජය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රැකියා 35000ක් ලබා දෙන ආකාරය එකින් එක පැහැදිලි කර තිබුණා. ඒ සියල්ල දැන් අමතක කරලා. මෙය අසාධාරණයක් නිසා මම මේ සම්බන්ධයෙන් අවස්ථා රැසක දී පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කතා කළා. ඉදිරියටත් මොවුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා.''






Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න