මේ මොහොතේ රටේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් සිදු නොකරන අතර ඇතැම් ස්ථානවල ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද ප්‍රමිතිවලට අනුව වැඩකටයුතු කරමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ දැනට පවත්වාගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගවට අනුව රෝහලෙහි නොමැති: ඖෂධ සහ උපකරණ යනාදිය පිටතින් මිලදී ගැනීමට හෝ පිටතින් කරගත යුතු වෛද්‍ය පරික්ෂණ සඳහා නිර්දේශිත පත්‍රිකා (තුණ්ඩු) නිකුත් නෙකරන බවයි.
වීඩියෝ
වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ රෝහල්, වෛද්‍යවරුන් සහ රෝගීන් රැකගන්න. වර්ජනයක් නෙමෙයි

