Cloudflare Cloudflare බිඳවැටීම යළි යථා තත්ත්වයට - සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි

Cloudflare Cloudflare බිඳවැටීම යළි යථා තත්ත්වයට - සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි

ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන CloudFlare හි ඇති වූ ප්‍රධාන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වූ වෙබ් අඩවි මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

අද (18) පස්වරුවේ මෙම තත්ත්වට හටගත් අතර ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනක් මේ හේතුවෙන් අක්‍රීය විය.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් Cloudflare සමාගම සඳහන් කර සිටියේ, සිය සේවාවට අසාමාන්‍ය ගමනාගමන වැඩිවීමක් පෙන්නුම් කළ බවත් ඒ හේතුවෙන් සිය ජාලයේ දෝශ හටගත් ය.

කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය ගමනාගමන වැඩිවීමට හේතුව කුමක්ද යන්න පැහැදිළි නොවුණ බවත් දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුහුසුළුව සිය සමාගම කටයුතු කරන බවත් එම සමාගම නිවේදනය කළේය.

මතුව ඇති මෙම තත්ත්වය හේතුවෙන් X, Chatgpt ඇතුළු සමාජ මාධ්‍ය රැසක්ද අක්‍රීය වී තිබිණ.

කෙසේ නමුත් සමාගම විසින් මෙම බිඳ වැටීම යතාවත් කිරීමට කටයුතු කර ඇති අතර මේ වන විට වෙබ් අඩවි රැසක් යතාවත් වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න