2026 අය වැය විවාදය සිදු වෙමින් පවතින මේ දිනවල සවසට ගුවන් විදුලි නාලිකාවල ප්‍රවෘත්තිවලට සවන් දීමේ දී මෙන් ම රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමේ දී වඩාත් දක්නට ලැබෙන්නේ: ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල, වෙවද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් සහ තවත් රාජය සේවකයින් ඇතුළු මේ රටේ වැඩ කරන ජනතාව මහ පාරේ උද්ඝෝෂණවල නිරත වන බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී ඖෂධ මිල අඩු කිරීම පිළිබඳව මාධ්‍යවේදියකු මන්ත්‍රීවරයා ගෙන් විමසූ පැනයකට පිළිතුරු සපයමින් ඔහු පැවසුවේ ඒ ආකාරයට මිල අඩුකළ ඖෂධ වර්ග වෙළඳපොළෙහි තිබෙනවා ද, එම ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ ද යන්න පළමුවෙන් සොයා බැලිය යුතු බවයි.

