ඖෂධ, ශල්‍ය සහ වෛද්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන උපකරණ සහ ප්‍රතික්‍රියක මෙන්ම විකිරණශීලී පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන උපකරණ සියල්ල අඛණ්ඩව හිඟයකින් තොරව සමස්ත රෝහල් පද්ධතියටම ලබා දීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන එම සංගමය
සඳහන් කරන්නේ ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් අවසානයේ මෙරට අහිංසක රෝගී ජනතාව අසාධාරණයට ලක්වන බවයි. නැවත උග්‍ර වෙමින් පවතින ඖෂධ සහ උපකරණ ගැටලුව, කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ තිරසාර ලෙස විසඳීම ඉහළ ප්‍රමුඛතාවයක් සේ සලකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය, වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරන බවයි.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.


